විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීම සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
එම සැලසුම් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමි වූ වහා ගුවන්තොටුපොළ විවෘත කළ හැකි බවද පාර්ලිමේන්තුවේදී පෙරේදා (02දා) පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා පැවසුවේය.
කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මෙහිදී පැවසුවාය.
ජනාධිපතිවරයා විසින් පළමු වරට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කර ඇතැයිද මෙරටට පැමිණන සංචාරනේගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක් (Mobile App) නිර්මාණය කර ඇති බවද සභාපතිනිය පවසා සිටියාය. එමගින් සංචාරකයා සිටින ස්ථානය සහ ළඟම ඇති පොලිස් ස්ථානය සමග සබඳතාව පවත්වා ගත හැකි බවත් මෙම ජංගම යෙදුම 2021 වසරේ හඳුන්වා දෙන බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.