26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදකුණු පලාතේ අපරාධ සදහා භාවිතා කිරිමට යොදා ගැනීමට සැරසුනු ගිනි අවි දෙකක්...

දකුණු පලාතේ අපරාධ සදහා භාවිතා කිරිමට යොදා ගැනීමට සැරසුනු ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ. කග්ගොඩ ආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) අම්බලන්ගොඩ පොලිස් වසමේ නාමල් උයන, ගොඩහේන, අම්බලන්ගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පාදුක්කේ මැණිකා කේරළ ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරික්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) පාදුක්ක පොලිස් වසමේ අංක 14,B/1 අංගමුව, පාදුක්ක ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරනු ලැබු මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 1,400 ක් සමග පුද්ගලයෙකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) මෝදර පොලිස් වසමේ අංක 726, අළුත් මාවත, මෝදර, කොළඹ 15 ලිපිනයේ පිහිටි මිලානෝ හෝටලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 1,400 ක් සන්තකයේ තබාගෙන සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments