29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවිශේෂ කාර්ය බලකායේ නිල ඇදුම් ළඟ තබාගත් අයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරින්...

විශේෂ කාර්ය බලකායේ නිල ඇදුම් ළඟ තබාගත් අයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායෙ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා ගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කඳවුර අනදෙන නිලධාරී පොලිස් පරිීක්ෂක එම්.බි.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) ගාල්ල පොලිස් වසමේ 48/O, නරිහාස් ඒෂියන් විලේජ්, සුදර්ශනාරාම පාර, පියද්ගම, ගිංතොට යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

නීති විරෝධී ලෙස විශේෂ කාර්ය බලකායට අයත් කැළැ නිළ ඇදුම් සන්තකයේ තබා ගෙන යමි අපරාදයක් සදහා සැරසෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි දෙකක් වන ගින්නෝරුව පාර, වේරගොඩ, කහව පදිංචි නානායක්කාර කග්ගොඩ ආරච්චිගේ සවිදු හේමල්න වන අතර ඔහු ළඟ තිබි විශේෂ කාර්ය බලකායට අයත් කැළැ නිළ ඇදුම් කට්ටලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments