25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව සිගරැට් ගෙන්වීම්, ගංජා වගාකිරීම හා ප්‍රවාහන කිරීමේ ජාවාරම් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධිව සිගරැට් ගෙන්වීම්, ගංජා වගාකිරීම හා ප්‍රවාහන කිරීමේ ජාවාරම් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

දිගු කලෙක සිට තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වී.එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) සයින්දමරුදු පොලිස් වසමේ ජමයියා පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක සිට නීති විරෝධී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි 560 ක් සන්තකයේ තබාගෙන සිටි කල්මුනේ සහ කල්මුනයිකුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 44 ක පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සයින්දමරුදු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

නීති විරෝධීව ගංජා වගාකළ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිෂාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) හම්බේගමුව පොලිස් වසමේ පුලුවත්ත කරමැටිය ප්‍රදේශයේ දී වැටලීම් 04 ක් සිදුකර ඇත.
එහි දී පර්චස් 90 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු ගංජා හේන් 04 ක් සමඟ හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. එහිදී ගංජා ගස් 20,674 ක් අත්අඩංගුවට ගත් අතර එම ගංජා ගස් සියල්ල එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.

ත්‍රී රෝද රථයකින් සහ යතුරු පැදියකින් වියළි ගංජා ප්‍රවාහනය කරමින් වැලිමඩ ප්‍රදේශයේ ගංජා බෙදු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩී.සී.ඒ. ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජී.යූ. සමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) අඹගස්දෝව පොලිස් වසමේ හා වැලිමඩ පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී වියළි ගංජා කිලෝ 02, ග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි ජාවාරමෙි යෙදුන සියඹලාණ්ඩුව, හා ඌවපරණගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 37 ක හා අවුරුදු 56 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිමඩ හා අඹගස්දෝව පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments