ඒ අනුව කබඩි තරඟ ඉසව් ආරම්භ වූ අතර, ඊයේ බදුල්ල හා ගම්පහ පිරිමි කණ්ඩාම් අතර තරඟයත් සහ මොනරාගල සහ මන්නාරම කාන්තා කණ්ඩායම් අතර පළමු තරඟය පැවැත්වූහ.
මෙම තරඟාවලිය සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් තරඟ ඉසව් 14 ක් සඳහා ක්‍රීඩා කණ්ඩායම් මේ වනවිට සූදානම්ව සිටියි. අද සිට ආරම්භ වූ මෙම කණ්ඩායම් තරඟ දෙසැම්බර් දක්වා පැවැත්වේ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්‌ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ නව තාක්ෂණය හා දැනුම තුළ ක්‍රීඩාව ඉදිරියට යෑම වෙනුවෙන් ක්‍රීඩකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුමත්, මූල්‍යමය සහයත් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බවයි.
ඒ වෙනුවෙන් ඊයේ (25) දිනයේ දී Mission Olympics 2028 වැඩසටහන ආරම්භ කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ අවධානයක් යොමු කරමින්, 2028 ඔලිම්පික් තරඟ ජයග්‍රණයක් වෙනුවෙන් තරුණ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට මූල්‍යමය අනුග්‍රහය ලබාදෙමින් Mission Olympics වැඩසටහන ක්‍රියත්මක වන බවත්, ඒ අනුව මාසික දීමනාවක් සහ පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න පැවසුවේ, තරුණ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට මෙම ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කිරීමට අවශ්‍ය වේදිකාව සකස් කරන බවයි.