22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්ගුරුසිංහගෙන් නයිජීරියාවට ගුරුහරුකම්

ගුරුසිංහගෙන් නයිජීරියාවට ගුරුහරුකම්

නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස අසංක ගුරුසිංහ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

ගුරුසිංහ වසර 11 ක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් 41 ක් සහ එක්දින තරග 147 ක් ක්‍රීඩා කර තිබේ.

ශක්තිමත් වමත් පිතිකරුවෙකු ලෙස සැලකෙන ගුරුසිංහ, 1996 ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකුද විය. ඔහු එම තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමගින් පැවති අවසාන මහා තරගයේදී ලකුණු 65 ක් රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් දක්වන ලදී.

තෙවන මට්ටමේ සහතික කළ පුහුණුකරුවෙකු වන ඔහු 2017 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු ලෙස කටයුතු කළ අතර ඕස්ට්‍රේලියාවේ කලාපීය ක්‍රිකට් උපදේශක පුහුණුකරුවකු ලෙස ද කටයුතු කළේය.

යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවෙමින් සිටින කණ්ඩායම් අතරින් එකක් වන නයිජීරියාව, 2020 අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ජ්‍යෙෂ්ඨ පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ 2019 තරගාවලියද ක්‍රීඩා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments