29.4 C
Sri Lanka
Monday, August 18, 2025
Homeක්‍රීඩා පුවත්මෙවර යොවුන් ක්‍රිකට් එක්දින ලෝක කුසලානයේ සමසත්කාරකත්වය සිම්බාව්වේ හා නැමිබියාවට

මෙවර යොවුන් ක්‍රිකට් එක්දින ලෝක කුසලානයේ සමසත්කාරකත්වය සිම්බාව්වේ හා නැමිබියාවට

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් විය.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments