23.3 C
Sri Lanka
Friday, October 17, 2025
Homeදේශීය පුවත්පුරප්පාඩු හා ඉල්ලීම් 19ක් ඉල්ලමින් ඇරඹු තැපැල් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මකවේ....

පුරප්පාඩු හා ඉල්ලීම් 19ක් ඉල්ලමින් ඇරඹු තැපැල් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මකවේ….

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී.ජී.සී. නිරෝෂණ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවය.

වර්ජනය හමුවේ නුවරඑලිය පැරණිතම තැපැල් කාර්යාලය වසා දැමීමත් සමග එම තැපැල් කාර්යාලය නැරඹීමට ඊයේ පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් දැඩි අපහසුතාවයට පත් වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

එවැනි පසුබිමක විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අතිකාල ගෙවීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහ පැමිණීම්, පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කිරීමට එකඟ නොවන තැපැල් සේවකයින්ට අවශ්‍ය නම් එම ගැටලු‍ නොමැති වෙනත් රැකියාවකට යා හැකි බවයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments