තංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදුකල වෙඩික්කරුවන් ප්‍රවාහනය කල අම්බලන්ගොඩ දිල්ශාන්ගේ ගෝලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරීස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කටුකුරුන්ද පුහුණු පාසලේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් සහ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන් සමග (15) පැය 2345 ට දොඩංගොඩ පොලිස් වසමේ දොඩම්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී (15) තංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරිමට අදාල වෙඩික්කරුවන් එම ප්‍රදේශයට රැගෙන යෑම සහ වෙඩි තැබීම අවසානයේ වෙඩික්කරුවන් රැගෙන ඒම සදහා ප්‍රවාහන පහසුකම් සැපයූ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන ඈතගම, පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 600 යි,කාර් රථ 01 යි. (WP CBD 0983),රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍ර,දුරකථනයක්, ව්‍යාජ අංක තහඩු 02 යි. (WP BFI 4505),රියදුරු බලපත්‍රයක්, රුපියල් 6,675 ක් සහිත මුදල් පසුම්බියක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය හම්බන්තොට සේනංකයේ ප්‍රාදේශිය අණදෙන නිළධාරි සහකාර පොලිස් අධිකාරි වෙත ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පි. සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කණ්ඩායමක්(15) දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී (15) පැය 1930 ට දික්වැල්ල ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිමට යොදා ගත් T56 ගිණි අවියක් සහ මැගසිනයක් එම ඝාතනය කළ වෙඩික්කරු විසින් කැළය තුල සඟවා තිබියදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දැනට අණාවරණය කරගත් තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර වසර එකොළහකට පමණ පෙර සේවය හැර ගිය පුද්ගලයකු බවත් මොහු සහ මොහුගේ සහෝදරයා යම් අපරාධයක් සිදුකර සිරගත වී මීට මාසයකට පමණ ඉහතදී නිදහස ලබා පැමිණි බවටත් කරුණු අණාවරනය වූ අතර දැනට මොවුන් දෙදෙනාම ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවට කරුණු අනාවරණය විය.
නිධන් සෙවිම සදහා භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයකට සමාන උපකරණයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වවිනායාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.ජේ.එස්.පී. ගුණසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) උප්පුවේලි පොලිස් වසමේ 05 කණුව, රේවත පටුමගේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍රයක් නොමැතිව නිදන් සෙවීම සදහා භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් හා එහි උපාංග සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි පහළ මාරගහ වැව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 ත් 36 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් හා එයට සම්බන්ධ වූ ජැක් කොටස සහිත වයරය.
වෝල්ට් 12 කුඩා බැටරියක්, ටැබ්එකක් අත්අඩංගුවට ගෙන තිබේ.