29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමික'එකම තීරුවක් - එකම මාවතක්'ට දසවසක් ,ශ්‍රීසම්බෝධි -තාෆෝ විහාර මිත්‍රත්වයේ සත්වන වසර...

‘එකම තීරුවක් – එකම මාවතක්’ට දසවසක් ,ශ්‍රීසම්බෝධි -තාෆෝ විහාර මිත්‍රත්වයේ සත්වන වසර සැමරේ…

නව සේද මාවත ක්‍රියාත්මකවී දසවසරක් ද කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරය හා චීනයේ ගුවං චෝ තාෆෝ විහාරය අතර මිත්‍රත්ව ගිවිසුමක් ඇතිකරගෙන සත් වසරක් පිරීමේ සැමරුම නිමිතිකොටගෙන ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් රාජ්‍ය තාන්ත්‍රික, ජාතික හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කෙරේ.

මෙය ලබන (01)සිට (08) දක්වා කොළඹ,මහනුවර,අනුරාධපුර හා ගාල්ල නගර මුල් කරගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත්(17) එම විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බොරලන්ද වජිරඥාන නාහිමියෝ …… නව සියවසේ මුහුදු සේද මාවත සංකල්පයට දසවසක් සැමරීම නිමිති කොටගෙන චීන – ශ්‍රීලංකා සංස්කෘතික සබඳතා පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් හා ග්‍රන්ථයක් එළිදැක්වීමටද කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම ආර්ථික අපහසුතා ඇති පවුල් තුන්සීයක් වෙනුවෙන් ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය කිරීමක්ද මෙහිදි සිදුකිරීමට නියමිතය.

මේ මූල්‍ය අනුග්‍රහය ගුවං චෝ නගරයේ බෞද්ධ සංගමයේ සභාපති සහා ගුවං‌ චෝ තාෆෝ විහාරයේ විහාරාධිපති පූජ්‍ය යාව් ජී හිමියන්ගේ උපදෙස් අනුව ගුවං චෝ බෞද්ධ ප්‍රජාව ලබාදී ඇත. මෙහි සම්බන්ධිකරණ කටයුතු ශ්‍රී සම්බෝධි විහාරය සහ ශ්‍රී ලංකාවේ ලුංහුවා ආයතනය සිදුකරනු ලබයි.

මෙහිදි අදහස් දැක්වු මහාචාර්ය හව් වෙයිමින් (HAO WEIMIN) මහතා අදහස් දක්වමින් මෙම වැඩසටහන දෙවන සැරේට සංවිධානය කර තිබෙන බව කීවේය. ලබන සැප්තැම්බර් (01) කැලණිය රජමහා විහාර වන්දනාව,සැප් (02) රුපියල් කෝටි පහකට ආසන්න රෝහල් උපකරණ බෙදාදීම, වෙහෙරහේන විහාරයේදී ස්වයංරැකියා උපකරණ කට්ටල බෙදාදීම, සැප්(03) 21සියවසේ මුහුදු සේදමාවතේ ශ්‍රී ලංකා චීන බෞද්ධ සම්බන්ධතා පිළිබඳ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය (බි.එම්.සි.එච්)හීදි,මහනාහිමිවරු ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය පන්සීය නමකට සිදුකෙරෙන දානමය පිංකම. (04)මහනුවර මානාගල විහාරයේදී ස්වයංරැකියා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම, සැප්.(05) අනුරාධපුර ශ්‍රී මහාබෝධි විහාරයේ පිංකම් උත්සවය ,අනුරාධපුඅභයගිරි විහාරයේ ස්වයංරැකියා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments