26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහාපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කාන්තාවන් දෙදනකු ඇතුළු තවත් අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහාපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කාන්තාවන් දෙදනකු ඇතුළු තවත් අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

විදෙස් ගතව සැඟවි සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නිපුනගේ මෙර⁣ට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 36/40, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 890 ක් හා ජංගම දුරකථනයක් සහ මුදල් රු. 20,000.00 සමඟ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම කාන්තාව සංවිධානාත්මක අපරධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබන බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

දිගු කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදී සිටි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය එල්.ඩී.එස්. ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) රාගම පොලිස් වසමේ අංක 08, අන්නාසි හේන, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 540 ක් හා ජංගම දුරකථනයක් සහ මුදල් රු. 13,000.00 සමඟ දිගු කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවා⁣රමෙ යෙදි සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

යාපනය කෝපායිහිදී හෙරොයින් සහ මත්පෙති සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ කදවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.කේ.එම්. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කෝපායි පොලිස් වසමේ කලාසුරි විදියේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරෝයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 100 ක් PREGAB වර්ගයේ මත්පෙති 80ක් සන්තකයේ තබාගෙන සිටි කන්දරමඩම් සහ චුන්නාගම් ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23, 29 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments