තංගල්ල කුඩා වැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදුකල වෙඩික්කරු වු නාවික සෙබලාට මනුෂ්‍ය ඝාතනය සිදුකලාට ලබාදෙන මුදල් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරට අනුයුක්ත අහුංගල්ල උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පී.පී.කේ. කුලරත්න මහතාගේ අධීක්ෂණය මත ප්‍රාදේශීය බුද්ධි ඒකකයේ උප පොලිස් පරික්ෂක කේ.එම් පරණගම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) අම්බලන්ගොඩ පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉකුත් (15) රාත්‍රියේ දී තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් බෝට්ටු ස්කීපර් වරයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරිමට අදාල සිද්ධියේ දී එම වෙඩික්කරුට ලබා දෙන මුදල් සමඟ අමිබලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 17 ත් 18 ත් අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මුදල් රුපියල් 377,000.00ක් සහ වෙඩික්කරුගේ ගිණුමට රු. 30,000.00 බැර කරන ලද රිසිට් පතක් අත්අඩංගුවට ගෙන තිබේ.