21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ තවදුරටත් ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට...

ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ තවදුරටත් ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනවා – ඉන්දීය මහකොමසාරිස්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවෙමින් පවසයි

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ( 23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (23) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මහකොමසාරිස්වරයා මේබව පැවසීය.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ
දෙරට අතර සබඳතා තරකර ගැනීමේ වැදගත්කම පිළිබදව පෙන්වා දුන් කථානායකවරයා ඉන්දියාව ලබාදෙන සහය පිළිබද සිය කෘතවේදීත්වය පළ කළේය.

මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ගරු ආචාර්ය එස්. ජයශංකර් මහතා වීඩියෝ පනිවිඩයක් මගින් දැනුම් දුන්නේ මෙරට සංවර්ධන කටයුතු සදහා ඉන්දියාව තවදුරටත් සහය දක්වන බවයි.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments