26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්චිත්‍රපට සීයක සහය අධ්‍යක්ෂ ලෙස වාර්තාවක් තැබීමට සූදානම්වන ඩොනල්ඩ් ජයන්තට තම පාසැලෙන්...

චිත්‍රපට සීයක සහය අධ්‍යක්ෂ ලෙස වාර්තාවක් තැබීමට සූදානම්වන ඩොනල්ඩ් ජයන්තට තම පාසැලෙන් උපහාර.

චිත්‍රපට සීය ක සහාය අධ්‍යක්ෂ ලෙස වාර්තාවක් තැබීමට සූදානම් වෙමින් සිටින මායා, ප්‍රවේගය සිනමාපටවල අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත කලාකරුවා පසුගියදා (15)තමා උගත් පාසලේ
ගෞරව බහුමානයට පාත්‍ර විය.

කොටපොළ ජාතික පාසලේ දී
මෙම විශේෂ උපහාර උළෙල පැවැත්විණි.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු ජනප්‍රිය කලාකරුවෝ මීට සහභාගි වූහ.

කොටපොළ ජාතික පාසලේ විදුහල්පති ප්‍රේමවන්ත අබේවික්‍රම මහතා සිසු සිසුවියන් අමතා ප්‍රකාශ කළේඩොනල්ඩ් ජයන්ත විදුහලට අත් කර දුන් කීර්තිය
වත්මන් විද්‍යාර්ථීන් පූර්වාදර්ශයක් බවයි.

ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැළඳවීම ද ඩොනල්ඩ් ජයන්ත මහතා අතින් සිදු විය.

මොරවක් කෝරළයේ කොටපොළ සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සහ විධායක සභාව ද
මීට සමගාමීව තවත් උපහාර
උත්සවයක් සංවිධානය කර තිබිණි.

විවිධ සම්මාන, ගෞරව නාම වලින් පිදුම් ලබා ඇති
ඩොනල්ඩ් අලුත් පරපුරක් සිනමාවට හදුන්වා දීමේ පෙරගමන්කරුවෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments