21.3 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67වන වියේ පසුවිය.

ඒ මහතා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු පැවසීය.

ඔහු, දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු ඒ මහතා, 1994 වසරේ කුරුණැගල දිස්ත්‍රිකක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබුණි.

පසුගිය පාර්ලිමේන්තුව දක්වාම මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ටී. බී ඒකනායක මහතා අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධුරවල ද  කටයුතු කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර මහ මැතිවරණයට තරග වැදුණ ද ඔහුට පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට හැකියාව නොලැබුණි.

අභාවප්‍රාප්ත ටී. බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments