22.9 C
Sri Lanka
Wednesday, August 27, 2025
Homeදේශීය පුවත්මහනුවර සහ ගම්පහ ආසාදිතයින් ඉහළ යයි

මහනුවර සහ ගම්පහ ආසාදිතයින් ඉහළ යයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව 204කි.

මේ අතර, ඊයේ දිනය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනෙකු හඳුනාගැනීම ද විශේෂත්වයකි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයකින් වාර්තා වූ  ගම්පහ දිස්ත්‍රික්කයෙන් යළිත් ආසාදිතයන් 100ය ඉක්මවු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 669 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,670 දෙනෙකු වන අතර ඉන් 16,682 දෙනෙකු සුවය ලබාඇති බවය.

ඊයේ දිනය වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 27,227ක් ලෙස වාර්තා වී තිබුණි. ඉන් 20,089 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,001කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 137ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 204

කොටහේන/බ්ලුමැන්ඩල් – 48
බොරැල්ල – 31
කුරුඳුවත්ත – 30
මරදාන – 18
කොම්පඤ්ඤ වීදිය – 18
මට්ටක්කුලිය – 11
දෙමටගොඩ – 16
ගල්කිස්ස – 07
අලුත්කඩේ – 06
ග්‍රෑන්ඩ්පාස් – 05
පිටකොටුව – 04
වැල්ලවත්ත – 03
මීපෙ – 02
රාජගිරිය 02
කොල්ලුපිටිය – 01
බම්බලපිටිය -01
කිරුළපන – 01

මහනුවර දිස්ත්‍රික්කය – 170

ගම්පහ දිස්ත්‍රික්කය – 111

මීගමුව – 45
මහර – 36
පෑලියගොඩ – 13
කැලණිය – 04
වත්තල – 03
තුල්හිරිය – 02
ගම්පහ – 01
බෙම්මුල්ල – 01
ජාඇළ – 01
කටාන – 01
කොටදෙණියාව – 01
මීරිගම – 01
රාගම – 01
සීදුව – 01

කළුතර දිස්ත්‍රික්කය – 67
ගාල්ල දිස්ත්‍රික්කය – 21
අම්පාර දිස්ත්‍රික්කය – 21
කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
මාතර දිස්ත්‍රික්කය -14
නුවරඑළිය දිස්ත්‍රික්කය -11
බදුල්ල දිස්ත්‍රික්කය – 07
යාපනය දිස්ත්‍රික්කය – 07
අනුරාධපුර දිස්ත්‍රික්කය -05
කෑගල්ල දිස්ත්‍රික්කය – 05
මොනරාගල දිස්ත්‍රික්කය – 03
රත්නපුර දිස්ත්‍රික්කය – 02
පුත්තලම දිස්ත්‍රික්කය – 02
මාතලේ දිස්ත්‍රික්කය -01
හම්බන්තොට දිස්ත්‍රික්කය -01

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments