25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් සඳහා කිසිදු කොන්දේසියක් යට‍තේවත් අනුමැතිය ලබා දිය...

මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් සඳහා කිසිදු කොන්දේසියක් යට‍තේවත් අනුමැතිය ලබා දිය නොහැකියි-වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

මුතුරාජවෙල සංවේදී පරිසාර කලාපයේ ගොඩකිරීම් සඳහා කිසිදු කොන්දේසියක් යට‍තේවත් අනුමැතිය ලබා දිය නොහැකියැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ අද(27) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,
“ප්‍රා‍දේශීය සංවර්ධන කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, පාර්ලිමේන්තු අනු කමිටුව මගින් මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම අත්හිටුවා තිබෙන මොහොතක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ජා- ඇල ප්‍රදේශයේ ඉඩම් ගොඩකිරීමට අනුමැතිය ලබා දුන්නේ කුමන පදනමකින්දැයි වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළේය.
වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසරය අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් මුතුරාජවෙල රක්ෂිතය සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබියදී කිසිදු කොන්දේසියක් යටතේ එම කලාපයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට කිසිසේත් ඉඩ ලබා දිය ‍නොහැකියි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියක් නොමැතිව විශේෂ ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා නොදෙන්නැයි ජනාධිපති ලේකම්තුම චක්‍රලේඛනයක් මගින් උපාදෙස් ලබා දී තිබෙන බැවින් මුතුරාජවෙල සංවේදී පරිසර කලා‍පයේ ගොඩකිරීම් කඩිනමින් අත්හිටුවන්න. කිසිදු කොන්දේසියක් හෝ වෙනත් කිසිදු මාර්ගයක් මගින් මුතුරාජවෙල ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දිය නොහැකියි. මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයට හානි කරන යම් කාර්යයක් සිදුවේනම් ඒ සදහා ජනතා විරෝධය එල්ලවෙන බවත් ඒ සදහා නායකත්වය ලබා දීමට සිදුවෙන බව” නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments