29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසෙවනගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ ඉතා සුක්ෂම ලෙස හරිතාගාරයක් තුල ඉතා සරුවට...

සෙවනගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ ඉතා සුක්ෂම ලෙස හරිතාගාරයක් තුල ඉතා සරුවට ගංජා වගා කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) සෙවනගල පොලිස් වසමේ අංක 79, සෙවනගල හංදිය, සෙවනගල ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කැනබිස් සැටැයිවා එල් නොහොත් ගංජා බලපත්‍ර නොමැතිව නිවසේ ඉහළ කොටසේ ආවරණය කරන ලද හරිත කුටියක් තුළ ගංජා වගාවක් පවත්වාගෙන ගිය සෙවනගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙවනගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මත්පෙති තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කළාපයේ රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මෙහෙයවීම මත, උප පොලිස් පරික්ෂක වී.ඒච්.ජී.එන්.අයි ජනසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මුල්ලේරියාව පොලිස් වසමේ අංක 226, මීගහවත්ත පාර, අංගොඩ ලිපිනයේ දී සහ අංක 290/බී, ජයන්ති මාවත, හිඹුටාන, අංගොඩ ලිපිනයේ වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී PREGAB නැමැති මත්පෙති 790 ක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ දී ලද තොරතුරු වලට අනුව PREGAB නැමැති මත්පෙති 200 සමග අංගොඩ ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයකු කයිට්ස් හිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එච්.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) කයිට්ස් පොලිස් වසමේ කූමත ධීවර වරාය අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 600 සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරින් සිටි කරෛයිනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments