29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධයක් සඳහා සඟවා තිබු පුද්ගලනාශක ජීව අත්බෝම්බ තුනක් එස්.ටී.එෆ්.සොයාගනී.

අපරාධයක් සඳහා සඟවා තිබු පුද්ගලනාශක ජීව අත්බෝම්බ තුනක් එස්.ටී.එෆ්.සොයාගනී.

යම් අපරාධයක් කිරීම සදහා සුක්ෂමව වලදමා තිබූ පුද්ගල නාශක ජීව අත්බෝම්බ 03ක් කඳපොළ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.ඕ.යු. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ කදවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එම්.පී.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) කඳපොළ පොලිස් වසමේ ප්ලේස් අංක 21 කොටස, කෝට්ලොජ් වතුයාය, කඳපොළ ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී යම් අපරාදයක් කිරීම සදහා සුක්ෂමව වලදමා තිබූ පුද්ගල නාශක ජීව අත්බෝම්බ 03ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments