වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්රනාන්දු මහතා මේ අදහස් පළ කළේ (12) වෙළෙඳ අමාත්‍යාංශයේදී මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ මාධ්ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
අදින් වසර 40කට පෙර දිවංගත ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා විසින් දැයේ අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අරම්භ කරන ලද මහපොළ ශිෂ්යත්ව අරමුදල මේ වන විට රුපියල් බිලියන 15ක් පමණ වැය කොට දුවා දරුවන් සඳහා ශිෂ්යත්ව ලබා දී ඇත.
පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අවපාත තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකි වූ මහපොළ අධ්යාපනික හා වෙළෙඳ ප්රදර්ශනය එළඹෙන දෙසුම්බර් 13 සිට 17 වනදා දක්වා ජා ඇළ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශයන්හී දක්ෂ ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අන්තර්ජාතික අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය හා කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව යන ආයතන ඔස්සේ විශාල දැනුමක් මෙම ප්රදර්ශනය ඔස්සේ ලබා ගත හැකි අතර වෙළෙඳ ප්‍රදර්ශනය ඔස්සේ විනෝදාස්වාදයෙන් පිරි අත්දැකීමක්ද ලබා ගත හැකියි.
පාසැල් දරුවන්ගේ අධ්‍යාපනික ක්ෂේත්‍රය උදෙසා ක්‍රියාත්මක කෙරෙන සද්කාරයක් වශයෙන් මෙම වැඩපිළිවෙල සඳහා මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික යන ආයතන ගණනාවක අනුග්‍රහකයන් පිරිසක් සිය සහයෝගය දැක්වීම සඳහා ඒකරාශී වී සිටීම පැසසිය යුතු කරුණක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පාසැල් අධයාපනයේ සිට විශ්ව විද්යාල අධ්‍යාපනය දක්වා මහපොළ භාරකාර අරමුදල හරහා වසරක් තුළදී සිසුන් 64,000 සඳහා ශිෂ්යත්ව ලබා දෙන අතර, කාර්මික විද්යාලවල අධ්යාපනය හදාරන සිසුන් සඳහා ශිෂ්යත්ව 1500ක් පමණ ලබා දේ. ඒ අනුව තව දුරටත් විශ්ව විද්යාල හා උසස් අධ්‍යාපනය හදාරන දරුවන් වැඩිපිරිසක් වෙනුවෙන් ශිෂ්යත්ව අවස්ථා උදා කර දීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.ඊට අමතරව පාසැල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද එම ප්‍රතිලාභ යොදා ගැනේ.
මෙම මහපොළ අධ්යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ අමාත්‍යාංශය හරහා සෘජුව ක්‍රියාත්මක වේ. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් නිළධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් යටතේ අධීක්ෂණ කටයුතු සිදුවේ.
ඒ අනුව විනෝදාස්වාදය මෙන්ම දැනුම කැටිකරගත් මෙම ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙසට අමාත්‍ය වරයා සියලු දෙනාට ආරාධනා කළේය.