ඒ් එම අධිකාරිය (12) පිටකොටුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී විශේෂයෙන් කරවල තොග වෙළෙඳසැල් පරික්ෂා කිරීමේදී කරවල ලංකාවට ගෙන්වන්නන්ගේ, මෙරට නිෂ්පාදනය කර බෙදාහරින්නන්ගේ තොරතුරු හා මිල ගණන් , නිෂ්පාදන දින මෙන්ම කල් ඉකුත්වීමේ අදාල ඇසුරුම්වල සඳහන් කිරීමට තිබෙන නීති කඩකිරීම, පරිභෝජනයට නුසුදුසු කල්ඉකුත්වු කරවල හා හාල්මැස්සන් විකිණීම, ප්‍රදර්ශනය කර තිබීම මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනාවලට මෙම නඩුපැවරීම සිදුකර ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය සහ කොළඹ දිස්ත්‍රික් කර්‍යාලයේ විමර්ශන නිලධාරීන් ඒකාබද්ධව අද දින පිටකොටුව ප්‍රදේශයේ කරවල තොග වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී තොග වෙළෙඳසල් තිස්තුන (33)කට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කටයුතු කල අතර කරවල ලංකාවට ගෙන්වන්නගේ හා ලංකාවේ නිශ්පාදනය කර බෙදාහරින්නන්ගේ තොරතුරු හා මිල ගණන් හා නිෂ්පාදන දිනය කල්ඉකුත්වීමේ දිනය අදාල අසුරණවල සදහන් කලයුතු බවට විධානකර තිබියදී එසේ නොකර අලෙවියට ප්‍රදර්ශනය කර තැබිම එමෙන්ම පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ කරවල සහ හාල්මැස්සන් විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ තොග වෙලෙදසැල් හිමියන්ට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය කටයුතු කරනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ සහ කොළඹ දිස්ත්‍රික් කර්‍යාලයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබේ.