රුසියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවි,ජීව අත්බෝමිබ හා වෙඩි නොවදින ඇඳුම් සමඟ අපරාධයකට සැරසුනු පුද්ගලයකු වැල්ලවායේදී විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ටි.එමි.සි. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර, 01 කණුව, වැල්ලවාය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක් සමග බෝර 12 පතරොම් 22 ක්, M75 සහ K400 වර්ගයේ ජීව අත්බෝම්බ 02 ක්, විදුලිමය ඩෙටනේටර් 09, තහනම් පිහියක් හා වෙඩි නොවදින ප්ලේට් එකක් සහිත පපු ආවරණ 01 ක් සන්තකයේ තබාගෙන යම් අපරාදයක් සදහා අර අදිමින් සිටි ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ ඉකුත් සැප්තැම්බර් මස (20) වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් යතුරු පැදිය පැදවූ මන්නා රමේෂ්ගේ ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) නිලධාරීන්ට නිලධාරීන්ට හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ වැටලීම් ඒකකයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එච්.ඒ. මධුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) හම්බන්තොට පොලිස් වසමේ කටුවැව හන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 100 ක්, ජංගම දුරකථනයක් මුදල් රුපියල් 4,340.00 ක් සන්තකයේ තබාගෙන ගලබලන කන්ද, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 21 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නාරමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු වන අතර 2023.09.20 දින අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරමින් T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ හා පුද්ගලයන් දෙදෙනෙකු හට බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමෙහි ඝාතකයින් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කල, ඉහත පුද්ගල ඝාතනය සඳහා ආධාර අනුබල ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.