22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ

බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින්, තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහන මෙම (18) හා (20) දෙදින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කළේය. ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබාදී තිබේ.

කාර්යාංශයේ බලපත්‍ර අංශය සංවිධානය කරනු ලැබු මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී .සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන එම්. ආර්. සී .බී. ඒකනායක, අනුර ලියන්වෙල යන මහත්වරුන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දිරා පතිනායක, ඒ.කේ.යූ. රෝහණ, සෙනරත් යාපා, ප්‍රියන්ත සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments