28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsදිගු කලෙක සිට මහා පරිමාණයෙන් සිදුකර ගෙන ගිය කසල තේ ගබඩාවක් පවත්වාගෙන...

දිගු කලෙක සිට මහා පරිමාණයෙන් සිදුකර ගෙන ගිය කසල තේ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට.

මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.

සිලෝන් ටී නමින් විදෙස් රටවල ප්‍රසිද්ධයට පත් ව ඇති ශ්‍රී ලංකාවෙ තේ වලට ඇති ඉල්ලුම පහත හෙලීමට ප්‍රධාන හේතුවක් වන කසල තේ ජාවරම බව නොරහසකී.
විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට අණදෙන නිලධාරීගෙන් ලැබුණු තොරතුරකට අනුවනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ උප පොලිස් පරික්ෂක ඊ.ඩී.එස්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) දවුලගල පොලිස් වසමේ අංක 35 සී, කැටකුඹුර, ලීමගහකොටුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ ග්‍රෑම් 6,652 ගබඩා කරගෙන සිටි ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පොල තේ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

සිලෝන් ටී නමින් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවෙ තේ වලට ඇති ඉල්ලුම පහත හෙලීමට මෙම කසල තේ මගින් සිදුවන හානිය අතිමහත්ය. මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන් මෙම කසල තේ ජාවාරම් කරුවන් සම්බන්ධව විමසිලිමත්ව සිටිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි.මෙ වනවිට විශේෂ කාර්ය බලකාය මෙවැනි වැටලිමි බොහෝ ප්‍රමාණයක් සිදුකර ශ්‍රී ලංකාවෙ ප්‍රධාන විදෙස් විනිමය ගෙන එන තේ කර්මාන්තය සුරකීමට සෘජු දායකත්වයක් ලබා දී ඇත .

කඳාන පොලිස් වසමේ ඉකුත් අගෝස්තු 04 සිදුවු වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලි ඔය ප්‍රියන්තගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) කදාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක් යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද වැඩිදුරටත් ප්‍රශ්ණ කිරිමේදි මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායිහි රැදී සිටින වැලිඔය ප්‍රියන්ත යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයෙකු බවටත් ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කල හිටපු යුධ හමුදා සෙබලෙකු බවටත් අනාවරණය විය.

තවද 2023.08.04 වන දින කදාන පොලිස් වසමේ අංක 16/39, ඒ/2, පියුම් මාවත, කදාන ලිපිනියේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමට අදාල වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමට පෙර රැගෙන ඒම, ගිනි අවිය සගවා තබා ගැනීම, වෙඩික්කරු හට අවිය ලබා දීම, වෙඩික්කරු හා ගිනි අවිය වෙඩි තැබු ස්ථානයට ප්‍රවාහනය කිරීම, වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය සැගවිම, වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු හට මෙරටින් පිටවීමට අධාර හා අනුබල ලබා දීම, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට අධාර හා අනුබල ලබා දීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments