මරදන්කේනි ප්‍රදේශයේ ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ලෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනිම් වැටලීම් සිදුකර ඇත.
ඒ් අනුව එම විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) මරදන්කේනි පොලිස් වසමේ උඩුත්තුරේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් සඳහා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 ක ප්‍රමාණයක් සන්තකයේ තාබාගෙන සිටි උඩුත්තුරේ උතුර, තාලෛඅඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරුබදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැප කාර් එකක යමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.කේ.එම්. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) යාපනය පොලිස් වසමේ ස්ටැන්ලි පාර මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ගෝල්ඩිලිෆ් වර්ගයේ සිගරට් 1,200 සන්තකයේ තබාගෙන සැප කාර් රථයකින් ගමන් කරමින් සිටි කරෛයිනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රාගම ප්‍රදේශය තුල හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) රාගම පොලිස් වසමේ අංක 232, මහර නුගේගොඩ, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 26,660.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
දිගු කලෙක සිට කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 98/25, ශ්‍රී වික්‍රමපුර, මට්ටක්කුලිය, කොලඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කොළඹ 15, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 70,200.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.