සීනි සඳහා පාලන මිලක් නියම කොට මිල ගැසට් කිරිමක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මෙසේද කියා සිටියි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්(03) නියෝග අංක අසුව (08) යටතේ සීනි උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට් එකක් නිකුත් කර තිබෙනවා. ඒඅනුව පැකට් නොකළ සුදු සීනි කිලෝ එකක් රුපියල් දෙසිය හැත්තෑ පහක් වශයෙනුත් , පැකට් කළ සුදු සීනි කිලෝ එකක් රුපියල් දෙසිය අනුපහක් වශයෙනුත් මිල කර තිබෙනවා.
පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් තුන්සිය තහයක් ලෙසත් පැකට් කළ දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් තුන්සිය පනහක් ලෙසත් මිල නියම කර තිබෙනවා.
මේ උපරිම සිල්ලර මිලට වඩා මිලකට යම් වෙළෙන්ඳෙක් සීනි අලෙවි කරනවා නම් ඊට නිතිමය පියවර ගැනිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් සිදුකරනවා. දැනට මෙරට ආනයනය කර සීනි තොග සම්බන්ධයෙන් නව බදු මත මිල කොට වැඩි මිලට සීනි අලෙවි කිරීම වැලැක්විමට තමයි මෙම මිල පාලනය කිරීම සිදු කර තිබෙන්නේ.