25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව ධීවර කෙටුම්පතට අපි විරුද්ධයි-ලෝක ධීවර සම්මේලනයේ මහලේකම් හර්මන් කුමාර

නව ධීවර කෙටුම්පතට අපි විරුද්ධයි-ලෝක ධීවර සම්මේලනයේ මහලේකම් හර්මන් කුමාර

ධීවර හා ජලජ සම්පත් පනත1996දීි සංශෝධනය කරමින් 2023 ගෙන ආ නව ධීවර පනත මේ රටේ ධීවරයා මහපාරට ඇද දමන,විදේශීය සමාගම්වලට මේ රටේ මුහුද පවරා දෙන මහා විනාශකාරී පනතක් බව ධීවර ජන සංවිධාන පෙන්වා දෙති.නොවැම්බර් විසි එක් වැනි දාට (21) යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලෝක ධීවර සම්මේලනයේ මහලේකම් හා ශ්‍රී ලංකා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ප්‍රකාශ කළේ,අපේ රටේ මුහුද ප්‍රෝටීන් ආකරයක් බවත්,ධීවරයා යනු ලෝකයේ දෙවැනි භයානකම රැකියාව කරන පුද්ගලයා බවත්ය.වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මේ රට ධීවර රැකියාවෙන් ධීවරයා ගොඩ බිමට ඇද දමා ධීවරයාගේ මුහුද සහ කලපු සංචාරක කරා කලාප කිරීමට වර්තමාන රජය නව පනතෙන් උත්සාහ දරා ඇති බව ඔහු පැවසීය.මේ වන විටත් උතුරේ සහ වෙනත් ප්‍රදේශවල ධීවර ගම්මාන ඉවත් කරමින් එම ප්‍රදේශ සංචාරක කලාප බවට පත් කරමින් ධීවර ජනතාව බලවත් පීඩාවට පත් කරමින් සිටින බව හර්මන් කුමාර මහතා පෙන්වා දුන්නේය.කිසිවෙකුත් සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවාට විරුද්ධ නැති බවත්,එහෙත් මේ රටේ සාම්ප්‍රදායික ජීවනෝපායක් වූ ධීවර කර්මාන්තය මේ රටෙන් අතුගා දැමීමට කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි.විශේෂයෙන් ජලජීවී වගා සංවර්ධනයට කියමින් වෙරළාසන්න භූමි සහ කලපු විශාල ප්‍රමාණයක් චීන සමාගම් වෙත පවරා දෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.එසේම ලංකාවේ ධීවරයාට මසුන් ඇල්ලීමට යාමට ඇති දුර පිළිබඳ නව නිර්ණායක ඇති කරමින් ,එම නීති වලින් බැහැරව මේ විදේශීය සමාගම්වලට මසුන් ඇල්ලීමට අවසරදීම තුළින් අපේ රටේ ධීවර ජනතාව සම්පූර්ණයෙන්ම ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට නව පනතෙන් ප්‍රතිපාදන සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේය.නව පනත යටතේ පිහිටුවන නව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අති විශේෂ බලතල ලබා දෙමින් විදේශීය ධීවර සමාගම්වලට අපේ රටේ මත්ස්‍ය සම්පත ඕනෑ පරිදි නෙලා ගෙන යාමට ඉඩ ලබා දී ඇති බව ද ඔහු අවධාරණය කළේය.එසේම මේ රටට විදේශීය ධීවර බෝට්ටු අලෙවි කිරීමට ද මේ පනතේ ඉඩ ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.එම නිසා මෙම සංවර්ධනයට අදාළ ප්‍රදේශවල ධීවර ජනතාව සමඟ සාකච්ඡා නොකර සිදුකරන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක නොවන බව ද ඔහු අවධාරණය කළේය.මෙම ධීවර ප්‍රතිපත්තියෙන් සිදු වන්නේ දේශීය හා විදේශීය මහ පරිමාණ ධීවර ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට බවත්,නමුත් ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුතරයක් 75%ක් පමණ සුළුපන්න ධීවරයන් බවත් නව පනතෙන් ඔවුන් සියලු දෙනාම මුහුදෙන් මහපාරට ඇද දමන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහි දී අදහස් දැක්වූ මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ කැඳවුම්කරු හා මීගමු කලපුව සුරැකීමේ සංවිධානයේ නෙවිල් ගාමිණී ප්‍රනාන්දු මහතා කියා සිටියේ,මීගමු කලපුව යනු වසරේ දින 365 ම අඛණ්ඩ ව මත්ස්‍ය සම්පත නෙලා දෙන හා වඩදිය බාදිය සමානව ගලායන ලංකාවේ පිහිටි එකම කලපුව බවත්, දැන් එම කලපුව සංචාරක පුරවරයක් කිරීමට එහි ධීවරයන් ඉවත් කරමින් සිටින බවය.නමුත් සංචාරකයන් කලපුවට එන්නේ එහි ධීවරයන් සිටින්නේ නම් පමණක් බවත් මේ සැලසුම් හදන නිලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය ද මීගමුව මහජන සභාවේ ජූඩ් නාමල් මහතා ද වෘත්තීය සමිති ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු මහතා ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments