25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් බහලුම් ප්‍රවාහනයට දැඩි බාධා-බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් කේ...

මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් බහලුම් ප්‍රවාහනයට දැඩි බාධා-බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් කේ මංජුල

අප රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල මෙහෙයක් සිදු කරන අත්‍යවශ්‍ය සේවාවක් වන ආනයන අපනයන බහලුම් ප්‍රවාහනයේ යෙදෙන ලොරි රථ රියදුරන්ට පසුගිය කාලය පුරාවට මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් මරණ තර්ජන එල්ල විය.ග්‍රෑම්පාස් පොලිස් බල ප්‍රදේශයේ ,සේදවත්ත ,ඔරුගොඩවත්ත ප්‍රදේශවල බහලුම් අංගනය වලට MT බහලුම් ලබාගැනීමට යෑමේදී , භාරදීමට යෑමේදී හා රේගු පර්යේෂණ අංගන වලට බහලුම් රථ ඇතුල්වීමේදී ලොරි රථ රියදුරන්ට ආයුධ පෙන්වා බියට පත් කොට ඔවුන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන ,අධිශීතකරණ බහලුම්වල තඹ වයර් ආදී බොහෝ වටිනා දෑ පැහැර ගැනීමට ලක් වී ඇත .මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී ග්‍රෑන්පාස් පොලිසියට පැමිණිලි කොට ඇතත් මේ දක්වා එයට විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.එබැවින් මේ පිළිබඳව පොලිස්පතිතුමා ද දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරියේ දී මෙම තත්ත්වය නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් රියදුරන්ගේ ජීවිත පවා නැති වීමට ඉඩ ඇති බවත් ආනයන අපනයන බහලුම් ප්‍රවාහන කර්මාන්තය අඩාල වීමට ද මෙය හේතුවක් වීමට ඉඩ ඇතැයි බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් කේ මංජුල මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments