29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධකරුවකු වන මැගියා නොහෙත් දිප්පිටිගොඩ ළහිරුගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් සමඟ විශේෂ...

සංවිධානාත්මක අපරාධකරුවකු වන මැගියා නොහෙත් දිප්පිටිගොඩ ළහිරුගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මීගමුව පොලිස් වසමේ ගණේමුල්ල අන්නාසිවත්ත මාර්ගයේ වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 08 ක් සන්තකයේ තබාගෙන සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ත් 36ත් අතර පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජිව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමිපතමයෙකු වන වර්තමානයේ ඩුබායි රාජ්‍ය රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මැගියා නොහොත් දිප්පිටිගොඩ ළහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇත.

කේරළ ගංජා සන්තකයේ තබා ගැනිමේ සහ ප්‍රවාහනය කල පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩි.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මීගමුව පොලිස් වසමේ ගල්කන්ද හංදියේ සිට මිණුවන්ගොඩ දෙසට මීටර් 100 පමණ දුරින් වැටලීමක් සිදුකර ඇත.

එහි දී කේරළ ගංජා ග්‍රෑම් 107 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි කටියල, දෙමන් හංදිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හඳුනා නොගත් මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය භාර කලාප අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් දෙවන කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හඳුනා නොගත් මත්කරල් 50 ක් සන්තකයේ තබාගෙන සිටි වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments