26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ජනාධිපති සිනමා සම්මාන උළෙල අති උත්කර් ෂවත් අයුරින් මෙවරත්- ශ්‍රී ලංකා ජාතික...

ජනාධිපති සිනමා සම්මාන උළෙල අති උත්කර් ෂවත් අයුරින් මෙවරත්- ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

ජනාධිපති සිනමා සම්මාන උළෙල 14 දින සවස 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ශ්‍රි ලාංකේය සිනමා වංශ කතාව තුල හැත්තෑව දශකයේ සුවිශේෂි වැදගත්කමක් හිමිකර ගනී. 1972 දී ආරම්භවු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව 1979දී ජනාධිපති සම්මාන උළෙල ආරම්භ කර ඇත. එවකට මෙම සංස්ථාවේ සභාපතිව කටයුතු කළ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම සම්මාන උළෙල ආරම්භ කෙරුණු අතර ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර එවකට රටේ ඉතාම ආන්දෝලනාත්මක ගෞරවණීය ලෙස පිළිගත් සම්මාන උළෙලක් බවටද මෙය පත්විය.

විවිධවු සමාජ දේශපාලන, ආර්ථික හේතුන් මත මෙම සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට නොහැකිවුවද සිනමා සම්මාන ඉතිහාසය තුල ජනාධිපති සිනමා උළෙල අද්විතීය ස්ථානයක්ද උරුම කරගත් බව නොරහසකී.

විසිවන ජනාධිපති සිනමා සම්මාන උළෙල මේ වර්ෂයේ ලබන (14) සවස 6.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. ගෞරාන්විත සිංහ තිළිණ සමග පිරිනැමෙන මුදල් ත්‍යාගද සුපුරුද පරිදි සම්මානලාභීන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙවර සම්මාන ලබාදීම සඳහා සලකා බලනු ලබන්නේ 2019 හා 2020 යන වර්ෂයන්හී තිරගතවු සිනමාපට හතළිස් දෙකකී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments