26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඕමානයේ සංචාරක වීසා සම්බන්ධ නීති දැඩිවේ...

ඕමානයේ සංචාරක වීසා සම්බන්ධ නීති දැඩිවේ…

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම (31) අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිඳු රටක පුද්ගලයෙකුට අවස්ථාව හිමි නොවේ.

මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ.  

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් 
හිමිවූයේ නම්, එරටින් පිටවී යලි රැකියා වීසා පතක් ලබාගැනීමෙන් අනතුරුව
ඕමානයට ඇතුළු විය යුතුවේ.
බොහෝ ශ්‍රි ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ඕමානයේ 
රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම්
ශ්‍රි ලාංකිකයින් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට
ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තා විය.
ඉහත තීරණය අනුව සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබා 
ගැනීමට හා රැකියා වීසාපතකට පරිවර්තනය කිරිමට කිසිඳු අවස්ථාවක් හිමි
නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතනොවන ලෙස
කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ට දන්වා සිටියි.  
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments