29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsයාපනය ප්‍රදේශයේ ව්කිනීම සදහා නීති විරෝධී මත්පෙති සන්තකයේ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු...

යාපනය ප්‍රදේශයේ ව්කිනීම සදහා නීති විරෝධී මත්පෙති සන්තකයේ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර් ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනිම් සිදුවි ඇත.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වියාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එච්.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් හා ඌරළු ප්‍රදේශයන් වලදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී PREGAB මත් පෙති 800 ක් සමග පුදුක්කෝට්ටේ, සහ ඌරළු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 22 වයසේ පසුවන පුද්ගලයන් ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලක සිට නීති විරෝධීව මිල දී ගැනීමේ බිල් පත් සහ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවි කල අලෙවි සලක් වටලා කාන්තාවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් කන්ඩායමක් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් කණ්ඩායමක් සමග (09) මන්නාරම පොලිස් වසමේ රෝහල පාර, මන්නාරම යන ලිපිනයේ පිහිටි NEW METRO ෆාමසිය තුල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මිලදී ගැනීමේ බිල් පත් සහ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව අලෙවි කිරීම සදහා සකසා තිූබ GIAGRA 100mg පෙති 10,000 ක් සහ GABICA 150mg පෙති 28 සමග සෙල්වනගර්, එළුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 හා 39 ක් වන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ජී.ආර්. උදය කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) මහවෙල පොලිස් වසමේ කළුගහපිටිය වත්ත, මහවෙල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කුවක්, සන්තකයේ තබාගෙන සිටි ලග්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments