29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව වංචාවෙන් දුෂණයෙන් ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ...

ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව වංචාවෙන් දුෂණයෙන් ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ කළාද යන්න පසුගිය දින දෙක තුන තුළ පාර් ලිමේන්තුව තුළින් පැහැදිලි වුණා-අමාත්‍ය ආචාර් ය විජයදාස රාජපක්ෂ මහතා

දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට වඩා පුළුල් පරාසයක් කරා දිව යන අරමුණක් සාම විනිසුරු තනතුර තුළ තිබෙනවා…
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍ර යන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම සදහා ( 10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාං ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සදහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මෙරට කලාව වෙනුවෙන් සිය දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සදහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමීම මෙහිදී සිදු විය.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

ෂේක්ස්පියර් නාට්‍ය නිෂ්පාදනය කළේ නීති සම්පාදකයන්ගේ ඇස් ඇරවීම සදහායි. කලාවට සීමා මායිම් නැහැ. කලාවට භාෂාවක් කුලයක් ජාතියක් නැහැ . කලාකරුවා උත්තරීතරව සමාජය සුවපත් කිරීමට කැපවෙන පිරිසක් බව කිව යුතුයි.
අපේ රටේ පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් කලාකරුවාට ලැබිය යුතු නිසි පිළි ගැනීම හිමි වෙලා නැහැ. ඊටත් වඩා අපේ රටේ සියලු කලාකරුවන් එක් කරගත් විධිමත් සංවිධානයක් අවශ්යමයි. කලාකරුවන් එක් වු සංවිධාන කිහිපයක් තිබෙනවා. නමු.් සමහර ඒවා හතු පිපෙන්නා වගේ විවිධ අරමුණු සදහා පිහිටුවනවා. කාලයක් සමග ඒවා නැති වෙලා යනවා. කලාකරුවාට සහ කලා ක්ෂේත්රවයේ අනාගතය කලාකරුවාගේ සුරක්ෂිතභාවය පිළිබදව මීටත් වඩා අවධානය යොමු කළ යුතුයි. ශක්තිමත් එකමුතුවක් කලාකරුවා තුළ ඇති කර ගන්නේ නම් කලාවේ අනාගතයට එය විශාල පිටිවහලක් බව කිව යුතුයි. අපේ රටේ ගායක ගායිකාවන්, පද රචකයින්, සංගීත නිර්මාණ ශිල්පීන් අතර ගීතවල හිමිකාරිත්වය පිළිබදව ගැටළු මතු වුණා. ඇතැම් ගායක ගායිකාවන්ට ගීත ගායනා කිරීම අධිකරණයෙන් තහනම් කළා. එම ගැටළු සදහා මේ වන විට එකගතාවයන් ඇති කර ගනිමින් ඊට අවශ්යී නීති කෙටුම්පත් කරමින් පවතිනවා.කලාකරුවන් අතර එකමුතු බව ඇති කර ගනිමින් මතු පරපුරට කලාව උරුම කිරීමේ ක්රිමවේදයන් අපි අනුගමනය කළ යුතුයි.
සාම විනිසුරු පදවිය යනු උසස් තනතුරක් ලෙස අතීතයේ සිට ගෞරවණිය ලෙස පැවත එන තනතුරක් බව කිව යුතුයි. ග්රාඅමීය වශයෙන් ගමේ සාමය ඇති කරලීම සදහා සුවිශාල කාර්භාරයක් සාම විනිසුරු තනතුර තුළින් සිදු ක හැකියි. දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට වඩා පුළුල් පරාසයක් කරා දිව යන අරමුණක් සාම විනිසුරු තනතුර තුළ තිබෙනවා.අද සමාජයට අවශ්යත වන්නේ සහභාගිත්ව ප්රුජාතන්ත්රතවාදයයි. හොරකමින් වංචාවෙන් දුෂණයෙන් ජනතාව ආදරය කරන ක්රිවකට් ක්රිාඩාව ආරක්ෂා කර ගැනීම සදහා අපි කොතරම් නම් උත්සාහ කළාද යන්න පසුගිය දින දෙක තුන තුළ පාර්ලිමේන්තුව තුළ විවාද තුළින් ඔබට පැහැදිලි වෙන්න ඇතැයි අපේක්ෂා කරනවා. අපි අද ජාති ආගම් කුළ ආදී විවිධ ආකාරයෙන් බෙදිලා. ඒ නිසාම ජාතික සමගිය ආගමික සංහිදියාව ශක්තිමත් කිරීම සදහා ග්රා ම සේවා වසම් මාර්ගයෙන් ජාතික සංහිදියා කමිටු ඇති ස්ථාපිත කිරීමට අවශ්යය පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වන විට සංහිදායා කමිටු දස දහසක් ස්ථාපිත කර තිබෙනවා. ග්රායමීය වශයෙන් පැතිර ඇති මත් උවදුර දුරු කිරීම, ගමේ සංහිදියාව වැඩි දියුණු කිරීම මෙම කමිටු පිහිටුවීමේ මුලික අරමුණයි. ඒ සදහා අවශ්යද නීති ඇතුළත් පනත ඉදිරි මාස දෙක තුළ සම්මත කරන බව ද අධිකරණ අමාත්යටතුමා වැඩිදුරටත් සදහන් කළේය. එමෙන්ම එම කටයුතු ශක්රි්යව ඉදිරියට ගෙන යාමට කලාකරුවන්ට දායක විය හැකි බව ද අමාත්යයතුමා පෙන්වා දුන්නේය.
කලාකරුවන් වෙනුවෙන් සාම විනිසුරු පදවි පිරිනැමීම සමාජ පිළි ගැනීම සහ එහි ඉතිහාසය පිළිබදව අරමුණ පැහැදිලි කිරීම අධිකරණ අමාත්යාං ශයේ මාධ්යර උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා විසින් සිදු කළ අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රකම ව්යීවස්ථා ප්රේතිසංස්කරණ අමාත්යාංවශයේ වැඩ බලන ලේකම් රෝහණ හපුගස්වත්ත මහතා විසින් සාම විනිසුරුවරයෙකුගේ කාර්ය භාරය පිළිබදව පැහැදිලි කරන ලදී.
සෞන්දර්ය විශ්ව විද්යා ලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය මුදියන්සේ දිසානායක, ප්ර්වීන ගායන ශිල්පී සමන් ද සිල්වා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රමම ව්යනවස්ථා ප්රවතිසංස්කරණ අමාත්යාශතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී නීතිඥ සංජීව බෝපගේ ආරච්චි යන මත්වරුන් මෙහිදී අදහස් දැක්වුහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments