පොලොන්නරුවේ මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය වන වනජීවි වාසස්ථානවල ආරක්ෂාව සහතික කර දෙන ලෙසත් රටේ පාරිසරික ආරක්ෂාව පුළුල් කිරීම සඳහා මෙම ගැටලුවලට ජාතික වශයෙන් පිළිගත් විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ලිපියක් යවා තිබේ. සැලකිය යුතු වනාන්තර හා වනජීවි වාසස්ථාන විනාශයට හ ඉඩම් කොල්ලකෑම්වලට ඉකුත් වසර කිහිපය තුල ලක්ව ඇති බවද එම ලිපිය මගින් පෙන්වාදී තිබේ. මෙහි අලුත් සිදුවීම වන මහවැලි ජලගැලුම් රක්ෂිතයේ මහවැලි ගඟදිගේ ඇති පැරැණි මනම්පිටිය යක්කුරේ මාර්ගය නැවත විවෘත කිරීමේ ආන්දෝලනාත්මක සැලැම්ම සහ මහවැලි ජලගැලුම් නිම්න රක්ෂිතය තුල පිහිටි පොලොන්නරුවේ ඕනෑමගමට යාබද වෙහෙරගොඩයායේ ඉඩම් අත්පත්කර ගැනීමට උත්සහ කිරීම සහ ගවයින් තණ කැවීමට අවසර දෙන ලෙස ඉල්ලීමයි. අසූව දශකයේ මහවැලි ව්‍යාපෘති මගින් හානිවු වනජීවි වාසස්ථාන කළමනාකරණය සඳහා 1984දී ජලගැලුම් වනෝද්‍යානය පිහිටුවා තිබේ. මෙම වනෝද්‍යානය සෝමාවතිය සහ වස්ගමුව වනජීවි රක්ෂිතය සම්බන්ධ කරයි. 1986දී වනසත්ව හා තුරුලතා ආඥාපනතේ2(1) වගන්තිය යටතේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇති එයින් අදහස් කරන්නේ එහි ඇත්තේ රජයේ ඉඩම් පමණක් බවයි. මහවැලි ව්‍යාපෘතියේදී යක්කුරේ ගම්මානය නැවත ස්ථානගත කිරීමේදි නිසි මාර්ග පද්ධතියක් ලබාදී ඇති අතර රෝහල් වැනි යටිතල පහසුකම් සඳහා දෙහිඅත්තකන්ඩංය වෙත ප්‍රවේශය ලබාදී ඇති බව අවධානය යොමු කරමු. එබැවින් වසර තිහක් අතහැර දමා තිබු මහවැලි ගඟඅසබඩ මාර්ගය නැවැත විවෘත කිරීම සාධාරණීය කළ නොහැක. වෙහරෙගාඩයාය ප්‍රදේශයේ ඇති මතභේදාත්මක ඉඩම් අධිකරණ නඩුවක් මගින් වනජීවි දෙපාර්තමේන්තුවට නැවත ලබා දි ඇත බව ඔබේ අවධානයට යොමු කිරීමට අපි කැමැත්තෙමු. ජනතාව තමන්සතු ඔප්පු අධිකරණයේ අවධානයට යොමු කර ඇති නමුත් ඒවයේ නීත්‍යානුකූලභාවයක් නොමැති බැවින් අධිකරණය ඒවා නොසලකා හැර තිබේ.සෝමාවතිය ජාතික වනෝද්‍යානයට පැමිණෙන අමුත්තන් වනසත්ව හා තුරුලතා ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ හැර වෙනත් කටයුතුවලට ජාතික වනෝද්‍යානයට ඇතුළුවීමට අවසර නැත. වනසත්ව හා තරුලතා ආඥාපනතේ 6(2)(අ) වගන්තිය යටතේ ඕනෑම සතෙකු ජාතික උද්‍යානයකට හඳුන්වාදීම, නිදහස් කිරීම වරදකී. වනසත්ව හා තුරුලතා ආඥාපනතේ 6(3) වගන්තියේ විධිවිධාන විශේෂයෙන් ගවයන් වැනි ගෘහස්ථ සතුන් ඇතුළු කිරීම තහනම්ය. වනසත්වය හා තුරුලතා ආඥාපනතේ 6වන වගන්තිය යටතේ සිදුකරන ලද මෙම වැරැදි පනතේ 67 ඒ වගන්තියේ සඳහන් වැරැදි මෙන්ම ඇප ලබාගත නොහැකි වැරැදි ලෙස සඳහන් කර ඇත. පැරැණි මනම්පිටිය මාර්ගය නැවැ විවෘත කිරීමෙන් මහවැලි ගඟේ පිහිටි වැලි නිධි සඳහා ප්‍රවේශය ලබාගැනීම සහ වෙහෙරගොඩයාය හි පිහිටි ඉඩම් ලබාගැනීම ජනතාව උද්ඝෝෂණය කිරීම පිටුපස සිටින පුද්ගලයින්ගේ අභිප්‍රාය බව විශ්වාස කරමු. පාරිසරික ආරක්ෂාව යනු සමස්ත ජාතික ආරක්ෂාවේ අතිශයින් වැදගත් අංඟයක් බව ඔබේ අවධානයට යොමු කරමු. පාරිසරික ආරක්ෂාව බිඳවැටුණු පසු විසඳීමට අපහසු වෙනත් ගැටලු රාශියක් විවෘතවේ. ජලගැලුම් රක්ෂිතයේ තවදුරටත් විනාශවීම මිනිස් අලි ගැටුම වඩාත් නරක අතට හැරෙනු ඇත. වැලි කැණීම නිසා මහවැලි ගඟ තවත් ගැඹූරවු පසඑය විශේෂයෙන් දේශගුණීක විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහල යෑම හේතුවෙන් මුහුදු ජලය ගලා ඒම වැඩිකරයි. වැලි කැණීම හේතුවෙන් ජල මට්ටම පහත වැටෙන විට මහවැලි ගඟ දිගේ පානීය හා වාරිමාර්ග ජල ගැටලු විසඳීම සඳහා වැඩි යටිතල පහසුකම් පිරිවැය දැරීමට රජයට සිදුවනු ඇත.
පොලොන්නරුවේ වනජීවි වාසස්ථානවල ආරක්ෂාව සහතික කර දෙන්න
RELATED ARTICLES