පසුගිය 21දා ඇමරිකාවේ ලොස් ඇනජලිස් හි පැවති දෙවන ආසියානු සිනමා උළෙලේ
(Asian Film Festival) විශිෂ්ටතම ළමා නළුවා ලෙස ශ්‍රි ලංකාවේ මෝදිත දාබරේ
ජයග්‍රහණය ඇත.
දාහත් (16) හැවිරිදි මෝදිත කොළඹ රෝයල් ඉන්ස්ටිටුයිට් හි ශිෂ්‍යයෙකි.
ඔහුගේම වයසේ පාසල් සිසුවෙකු වන තිසෙන උමගිලිය අධ්‍යක්ෂණය කළ Catharsis
කෙටි චිත්‍රපටයේ හි රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් මෝදිතට මෙම Goldan
Daimond Awadrd සම්මානය හිමි විය.
තරඟ ඉසව් විස්සක් ඔස්සේ මෙම සිනමා උළෙල පැවතුනි.කෝවිඩ් තත්වය නිසා
අන්තර්ජාලය ඔස්සේ පැවැත් වූ මෙම සම්මාන උළෙල එම සිනමා උළෙලේ සභාපති
Holames Stoner මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණි.
හොඳම ළමා නළුවා සම්මානය සඳහා චීනය,ඔස්ට්‍රේලියාව,කැනඩාව,වෙනිසියුලාව සමඟ
මෝදිත නාමයෝජනා වී තිබුණි.
ළමා වියේ සිට තරුණ විය කරා ලඟාවන දරුවෙකු තුළ ඇති වන සංක්‍රාන්ති මානසික
භාව විශෝධනය එම රංගනයේ පදනම් ප්‍රස්තුතය විය.
මෙම චිත්‍රපටයේ සියළුම නිර්මාණ ශිල්පින් වයස අවුරුදු (16 ) දහසයේ අයවීම
මෙහි විශේෂත්වයයි.
තිරරචනය තිසෙන් උමගිලිය සහ සඳලි පතිරණ ගෙනි.කැමරාව තිළින
ප්‍රසාද්.නිෂ්පාදනය ශිරාන් මහේන්ද්‍ර සහ තිසෙන් උමගිලිය.
දෙවන ආසියානු සිනමා උළෙලේ හොඳම ළමා නළුවා ශ්‍රී ලංකාවේ මෝදිත දාබරේ.
RELATED ARTICLES