21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ.

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ.

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන්සුහුරුලිය  2.0මූලෝපාය එළිදැක්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී සිදුවිය.

ගෘහනියගේ සිට කාර්යාලයේ, වැඩබිමේ, ගොවිපොළේ ආදී සෑම ක්ෂේත්‍රයකම සිටින සමස්ත කාන්තා ප්‍රජාවම ආවරණය වන ආකාරයෙන් මෙම මූලෝපායිකසැලැස්ම සකස් කර තිබේ.

මෙම සැලැස්ම ප්‍රධාන අරමුණු හතක් මූලික කරගනිමින්සකස් කර ඇත.ඉදිරි තෙවසර අවසන් වන විට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, එය 2030 ජාතික ඩිජිටල් ආර්ථීක මූලෝපායික සැලැස්ම හා සම්බන්ධව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

සුහුරුලිය 2.0මූලෝපායික සැලැස්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය  කනක හේරත් සහ  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන්  වෙත නිල වශයෙන් පිළිගැන්වීම දමෙහිදී සිදුවිය.

ව්‍යවසායිකාවන් දසදහසක් දෙනා ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඩිජිටල් ව්‍යවසායිකාවන් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ කරවීම, මෙරට කාන්තා ජනගහනයෙන් සියයට පනහක පිරිසක් 2026 වසර වන විට ජාතික ආර්ථිකයේසක්‍රීය දායකත්වය දක්වන කොටස්කාරියන් බවට පත් කිරීම, 2026 වසර වන විටSTEM අධ්‍යාපනය තුළ කාන්තා සංයුතිය සියයට හතළිහ දක්වා වර්ධනය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට හතළිස් පහ දක්වා වර්ධනය කිරීම, රාජ්‍ය අංශයේ සිටින කාන්තාවන් නව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි බල ගැන්වීම, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සහ තොරතුරු තාක්ෂණ නොවන උපාධිලත් කාන්තාවන් ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි පරිදි බල ගැන්වීම, සයිබර් අවකාශයේ කාන්තාවන් සඳහා ආරක්ෂාව සහ ආරක්ෂිතව තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ දැනුම හා පුහුණුව ලබා දීම මෙම මූලෝපායික සැලැස්මට ඇතුළත් වේ.

මෙම අවස්ථාව ඇමතූතාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනකහේරත් මහතා,DIGIECON 2030 වැඩසටහන යටතේ  මේ වන විට රටට ඩිජිටල්  ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර තිබෙන බවත්, එම ප්‍රතිපත්තියටඇතුළත් ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමයන ප්‍රමුඛ කාරණා දෙක සුහුරුලියමූලෝපායික 2.0 සැලැස්මට ද ඇතුළත් කර තිබීමඉතා වැදගත් බවත්  සඳහන් කළේය.

ජාතිකඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගම් මට්ටමේ සිට ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් බවද රටේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තය පුළුල් කිරීමට කටයුුතු කරමින් සිටින බවදසුහුරුලිය වැඩසටහන ගැන පසුවිපරමක් කිරීමත්, දිවයින පුරා පුළුල්ව ව්‍යාප්ත කිරීමත් ඉතා වැදගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්සඳහන් කළේය.

මෙම අවස්ථාව ඇමතූ  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේගෝලීය වශයෙන් මෙන් ම රටක් වශයෙන් ද තිබෙන අභියෝගජය ගැනීමටනම් කාන්තා ප්‍රජාව නිසැකවම තොරතුරු තාක්ෂණ දැනුම ලබා ගත යුතු බවත්, එවිට ස්වශක්තියෙන් නැගීසිටිමින් රටේ ආර්ථිකයටත් ශක්තියක් ලබා දීමට ඔවුන්ට හැකිවෙන බවත් ය. තම අමාත්‍යංශයමෙතෙක් මේ සඳහා ලබා දුන් සහාය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය ක‍ළාය.

වැඩසටහ‍නේ මුඛ්‍ය දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතාසඳහන් කළේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් මෙන් මඋසස් අධ්‍යාපනය හදාරන පිරිසගෙනුත් බහුතරය කාන්තාවන් වුවත් රැකියාවලට ප්‍රවේශ වීමේදී එය අඩු ප්‍රතිශතයක් ගන්නා බවයි. තොරතුරු තාක්ෂණ දැනුම මඳ වීම එයට එක් හේතුවක් බව දනොමිලේ අධ්‍යපනය ලබා රැකියා කිරීමට විදේශ ගතවූ විට එහි ඵල ප්‍රයෝජන ලබන්නේ එම රටවල් බව ද පැවසූමහාචාර්යවරයා විදේශයන්ගෙන් ණය ලබා ගන්නා විට ඒ ගැනත් අවධානය යොමු කළ යුතු බව පැවසීය. කාන්තා ප්‍රජාව තොරතුරු තාක්ෂණයෙන් බලගන්වා රටේ ආර්ථිකයට සක්‍රීයව හවුල් කර ගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සුහුරුලිය2.0 මූලෝපායික සැලැස්මට අන්තර්ගත කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදනතාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ  සුහුරුලිය පළමු අදියර විවිධ අවධීන් පසුකරමින් නොනැවතී ඉදිරියට ගමන් කළේ එහි තිබූ ප්‍රායෝගික බව නිසා බවයි.සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම සකස් කිරීමට සෑම ක්ෂේත්‍රයක් ම නියෝජනය වන ආකාරයෙන් සහාය ලැබුණු බවත්, වැඩි පිරිසක් සහභාගි කරගෙන මෙවැනි දෙයක් එළිදැක්වීම අසීරු කටයුත්තක් බවත්, නැවත මෙවැනි අවස්ථාවක් නුදුරු අනාගතයේ උදා නොවන්නට හැකි බවත්, උදාවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය.

“ඩිජිටල් ආර්ථිකය සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්විය යුත්තේ කෙසේද?” මැයෙන් මෙහි දී විශේෂ සාකච්ඡාමය සැසියක් ද පැවැත්විණි.

සුහුරුලිය 2.0 මූලෝපායික සැලැස්ම සකස් කිරීම සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සංවිධාන ඇතුළු ආයතන 59ක් සිය දායකත්වය ලබා දී තිබෙන අතර මාස 8ක කාලයක් ඒ සඳහා ගතවී තිබේ. 

තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, මෙටා (Meta) ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක් සුහුරුලිය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා සිය සහාය ලබා දී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල,තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.කේ.ආර්.අලවත්ත, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ චම්පා උපසේන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ. පී. සී. සුභාෂීණී, FITIS ආයතනයේසභාපති ඉන්දික ද සොයිසා,ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ආචාර්ය අජන්ත අතුකෝරල, SLASSCOM ආයතනයේ උප සභාපතිනීෂෙහානි සෙනෙවිරත්න, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපති වජීන්ද්‍ර කන්ද‍ෙගමගේ යන මහත්ම මහත්මීන්,වෘත්තීයවේදීන්,කර්මාන්තකරුවන්, කාන්තා සංවිධාන නියෝජිතයින්,කාන්තා සංවර්ධන නිලධාරීන් සහ ව්‍යවසායිකාවන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments