කෘතීම බුද්ධිය යොදාගෙන සහකරුවන් සහ සහකාරියන් ගැලපීම සිදුකරන ක්‍රමවේදයන් සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ජපානය සැලසුම් කරයි.
ඒ, එරට උපත් අනුපාතය අඩුවෙමින් පවතින බැවිණි.
එළඹෙන වසරේ සිට “කපුකම්” සඳහා කෘතීම බුද්ධිය යොදාගන්නා ව්‍යාපෘති ආරම්භ කෙරෙන පළාත් පාලන ආයතන සඳහා සහන ලබාදීමට ඒ අනුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ ජපානය තුළ නව දරු උපත් සිදුවී ඇත්තේ 865,000ක් පමණි. එය වාර්තාගත අඩු අගයකි.
ලොව අඩුම නව දරු උපත් සහිත රටවල් අතුරින් එකක් වන ජපානය, එරට ජනගහනය වැඩිකර ගැනීමට විවිධ ක්‍රමවේදයන් ගැන සලකා බලමින් සිටී.
නව යුවළවල් ගැලපීම සඳහා කෘතීම බුද්ධිය යොදාගැනීම ඉන් එක පියවරකි.