26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගඅරගලය පිළිබඳ තවත් පොතක් එළිදකියි.

අරගලය පිළිබඳ තවත් පොතක් එළිදකියි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී එගොඩවෙලේ මහතා 2022 වසරේ පැවැති අරගලය සම්බන්ධයෙන් රචිත අරගලය ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට ග්‍රන්ථය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දින සිදුකෙරිණි..

අරගලයේ පිළිබඳ තමා ඇසූ දුටු දෑ ඇසුරෙන් පිටු 316කින් සමන්විත මේ කෘතිය තුළින් සිය අත්දැකීම් ඉදිරිපත් කර තිබෙන අතර විවිධ මූලාශ්‍රයන්ද එක් කර එම කරුණු
මේ ග්‍රන්ථය තුළින් පෙළ ගස්වා තිබෙන කරුණු බොහොමයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයට සීමා වන අතර මේ එළිදැක්වීම අරගලය පිළිබඳ කරුණු හදාරන්නන්ට අතිශයින් ප්‍රයෝජනවත් වන බවත්, 2021 කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ආර්ථික පසුබැස්මකට රට ඇද වැටුණු අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ රජයට මුහුණ දෙන්නට සිදු වූ ජාතිකා අන්තර්ජාතික අභියෝගයන් මෙහි විස්තර කරන බවත් එගොඩවෙලේ මහතා පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතයේ නිසා වැටුණු රට හිස එසවීමට සූදානම් වීමත් සමඟම, රජයට එරෙහිව විවිධ කරුණු මුල් කරගෙන රට පුරා සංවිධානාත්මක පැවැත්වුණු වීරෝදතාවයන් රට රට අරාජිකත්වයට පත් කිරීමට දියත් කෙරුණු කුමන්ත්‍රණකාරී සැලසුමක ප්‍රතිඵලයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments