29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජාතික රෝහලේ PCR රසායනාගාරය අනතුරේ-රවී කුමුදේශ් ව‍ෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ...

ජාතික රෝහලේ PCR රසායනාගාරය අනතුරේ-රවී කුමුදේශ් ව‍ෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය.

‍ෙසති තුනන්ක් තිස්සේ වසා දාලා, වායුසමීකරණ පවා ක්‍රියා විරහිත කරලා

කොවිඩ් සඳහා රසායනා ගාර සූදානම්ව තියන්න. ක්ෂණික ප්‍රතිදේහ කට්ටල ලබා දෙන්න

ආවේක්ෂණ නොකලාට, රෝගීන් හඳුනා ගැනීමේ කොවිඩ් පරීක්ෂණ නතර කර තබන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිතියක් නැහැ

කොවිඩ් ගැන රට අදහසක් නෑ. රෝහල්වල පරීක්ෂණ කරන්නේ නෑ. පරීක්ෂණ ක4අන්න පරීක්ෂණ කට්ටල නෑ. කට්ටල නැත්තේ ඉල්ලුම් කරන්නේ නැති නිසා. ඉල්ලුම නොකරන්නේ පරීක්ෂණ එන්නේ නැති නිසා. පරීක්ෂණ නැතිතේ කොව්ඩ් නැති නිසා නෙවේ, වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන නිසා. ඔවුන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන්නේ කොවිඩ් ගැන ඇත්ත අදහස හෙලිදරව් වෙනවට අකමැති නිසා. ඒ අනූව, රටට කොව්ඩ් ගැන හරි අදහසක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව අප සෑහීමකට පත් නොවන්නෙමු. මේ වනවිටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවේ. කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකිරීමට වග බලාගෙන ඇතිතේ කිනම් හේතුවක් නිසාද යන්න තවදුටත් පැහැදිලි විය යුතුව ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් සිදු කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ලබා ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැත. එනයින් එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතුකර ගත් අකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාල පූර්ණ වාර්ථාවක් හෙලිදරව් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

එසේම, ඉතා කෙටිකලක් තුල කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල පැවතියදී පවා රෝහල් මට්ටමෙන් හමුවන සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම මගහරිමින්, කිසිවෙකුත් නොදන්නා නියැදි පරීක්ෂාවකින් අවසන් නිගමනයකට අනවශ්‍ය ගැටළු රැසකට හේතු විය හැකි බවද, අප ඉතා ඕනෑකමින් පෙන්වා දෙන්නෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments