21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරි කරනු ලබන බන්ධනාගාර නියාමක වරයෙකු හෙරොයින් සමඟ විශේෂ...

පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරි කරනු ලබන බන්ධනාගාර නියාමක වරයෙකු හෙරොයින් සමඟ විශේෂ කාර් ය බලකා නිලධාරීන් අත්අඩංගුවට.

වැඩබලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද දීප ව්යාප්ත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ, විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

එම කාර්ය බලකායේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ උප පොලිස් පරික්ෂක ආර්.එම්.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) පල්ලෙකැලේ පොලිස් වසමේ විරු ළමා කැකුළු සුරැකුම් මධ්‍යස්ථානය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන බන්ධනාගාර නියාමක වරයෙකු හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 480 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන ඔහුට අයත් අංක CP BGQ 3378 දරණ යතුරු පැදියෙන් පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරි සදහා නිළ ඇදුමින් සැරසි පිටව යන අවස්ථාවේ දි අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පල්ලෙකැලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙහිදි යතුරු පැදි 01 යි. (CP BGQ 3378),හෙල්මට් එකක්, මුදලින් රුපියල් 25,000.00ක්, ජංගම දුරකථන 02ක්, සිම්පත් 02 යි. (0716181417, 0773036561)ක්, බණ්ධනාගාර නියාමක තනතුරේ කාකි නිළ ඇදුම් අත්කොට කමිසයක්, බණ්ධනාගාර නියාමක තනතුරේ කාකි නිළ ඇදුම් දිග කලිසමක්, බන්ධනාගාර ලාංඡනය සහිත ගාංචුව යොදන ලද කළු පැහැති ඉන පටියක්, කළු පැහැති සපත්තු ජෝඩුවක්, කාකි මේස් ජෝඩුවක්, කහපාට ලෙන්යාඩ් 01ක්, කාකි පැහැති පී කැප්එකක්, බන්ධනාගාර නියාමක තනතුරේ නිළ හැදුනුම්පත් 01 යි. (114909) යන භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර කලාපය බාර සහකාර පොලිස් අධිකාරී වැවිටවිදාන මහතාගේ අධීක්ෂණයෙන් වාලච්චේන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක කේ.ජි.එල්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) වාලච්චේන පොලිස් වසමේ වාලච්චේන, 04 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 490, කේරළ ගංජා ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 930 ක් හා විවිධ වර්ගයේ මත්පෙති හා මත් කරල් 164 ක් සන්තකයේ තබාගනිමින් ජවාරම් සිදුකල වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 පුද්ගලයකු එම ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 10,000.00 ක්, ඩිජිටල් වීඩියෝ රෙකෝඩර් 01 ක් හා විද්‍යුත් තරාදි 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින කෙහෙල්බද්දර සංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ පොලිස් වසමේ වීදියවත්ත Brave technical College ආයතනය අසල දී වැටලීමක් සිදුකර එහි දී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත (11)භාර දී ඇත.
මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වල දී ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය විදේශ ගතව සිටිමින් බෙදාහරිනු ලබන කෙහෙල්බද්දර සංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය විය.

නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වනු ලැබු විදේශීය දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments