මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා අනුයුක්ත කරන ලැබු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් අනතුරට ලක්වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනෙන් එක් හෙලිකොප්ටර් යානයක් බ්‍රියා(Bria) නගරයට ගුවන් සැතපුම් 140ක් ඊසාන දෙසට වන්නට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට අදාල භාණ්ඩ ප්‍රවාහනය කරන මෙහෙයුමකදී (12) උදෑසන අනතුරට ලක්වී ඇත.
අධික දූවිලි සහිත අයහපත් කාලගුණික තත්වයක් තුල එම එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ර් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුවි ඇති බව මූලික පරීක්ෂණවලදී ආනවරණය වී තිබේ. මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ලඬලයෙ පස් දෙනා හට කිසිදු අනතුර සිදුවි නොමැති අතර හෙලිකොප්ටර් යානයට පමණක් අලාභහානි සිදුවි ඇත.
මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරින්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඬලයක් එම ස්ථානය යොමුකර ඇති අතර ගුවන් හමුදා මුලස්ථානයෙන් නම්කරන ලැබු විශේෂ පරීක්ෂණ මණ්ඬලයක් පත් කර තිබේ.