22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsයුක්තිය මෙහෙයුමේදී අපරාධකරුවන්, අපරාධ පිළිබඳ තොරතුරු රැසක් එස්.ටී.එෆ්.සොයාගනී

යුක්තිය මෙහෙයුමේදී අපරාධකරුවන්, අපරාධ පිළිබඳ තොරතුරු රැසක් එස්.ටී.එෆ්.සොයාගනී

බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 68/24, වොස් ලේන්, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 15, වොස් ලේන් හී පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත්ව ඇති අතර වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු ද වන බවට තොරතුරු අනාවරණය වේ. මොහු බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු බවත් ඔහු විසින් ලබා දෙනු ලබන මත්ද්‍ර‍ව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් තිරුක්කෝවිල් කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එන්.එම්.එම්.එන්.එම්.ආර්. සියාවුල්හක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) තිරුක්කෝවිල් පොලිස් වසමේ විනයාගපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයකු, ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අවි නිශ්පාදනය කිරීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක නිශ්පාදනයට ගන්නා යකඩ බට 03 ක්, යකඩ කැපීම සඳහා භාවිතා කරන පවර් ෂෝ යන්ත්‍ර 01 ක් හා යකඩ පෑස්සීම සඳහා යොදා ගන්නා වෑල්ඩින් ප්ලාන්ට් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරුවන් වයස අවුරුදු 34,42,54 පසුවන තිරුක්කෝවිල් හා කන්චිකුඩිච්චිආරු යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් වේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වරුණ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන සමීපතමයෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) මිණුවන්ගොඩ පොලිස් වසමේ බුරුලපිටිය පල්ලිය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑමි 290 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 03, මිලි ග්‍රෑම් 750 ක්, විද්‍යුත් තරාදියක් සහ මුදල් රුපියල් 28,000.00 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදි මගින් ප්‍රවාහනය කරමින් ජාවාරමේ යෙදී සිටි උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිණුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මෙම සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වරුණ යන අයගේ සමීපතමයෙකු බවට වැඩි දුරටත් තොරුතුරු විමසීමේදී අනාවරණය වී ඇත

වැල්ලම්පිටිය ප්‍රදේශයේ උග්‍ර විෂමත්ද්‍රව්‍යක් වන අයිස් ජාවාරම් කරමින් සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 101/137/C, කැළණිතිස්සගම, වෙහෙරගොඩ, වැල්ලම්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 280 ක් සහ මුදල් රුපියල් 16,500.00 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍
තවද මැය එම ප්‍රදේශයේ දිගු කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදෙන බවට ලද තොරතුරකට අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ට හැකි විය.
අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුම් III හි නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (19) ගොඩකවෙල පොලිස් වසමේ අංක 177, සමගිපුර, නියන්ගම, ගොඩකවෙල දී ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලොකු පැටි යන අයගේ මෙහෙය විමෙන් අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණිමින් සිටි යුද හමුදා සෙබළකු හා යතුරුපැදිකරු අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනීමේ සිදුවිමට අදාල වැඩිදුර විමර්ශණ වලදී මෙම ඝාතනය සදහා ආධාර අනුබල ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව මෙම අයවළුන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 වන පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදු කිරීම සදහා යොදාගත් යතුරුපැදිය (17 ) එල්බට් ජනපදය, ඇලදුව, පයාගල යන ඔහු පදිංචිව සිටි ලිපිනයේ නිවසේ සගවා තබාගෙන සිට ඇති අතර, යතුරු පැදිය හා හිස් වැසුම් දෙකක් සමග පසුදින එනම් ඉකුත්18 වෙඩික්කරු හා යතුරුපැදිකරු හට අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ලබා දී ඇති බවත්, වෙඩික්කරුට අයත් ඔහුගේ යුධ හමුදා හැදුනුම්පත (අංකය 237692)/ සේවය කල ස්ථානයෙන් බැහැරව සිටිමේ අවසරපත (අංකය 09)/ රියදුරු බලපත්‍රය (B 1413202)/ ATM කාඩ් 03ක්, මුදල් පසුම්බිය, ඔහු පැලද සිටි කළු කැප් 01ක් හා ටීර්ෂට් එක මෙම පුද්ගලයා හට වෙඩි තැබීමෙන් අනතුරුව ලබා ගැනීමට ලබා දී ඇත. මෙම වෙඩි තැබීමට පිටව ගිය යතුරුපැදිකරු හා වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය අත් අඩංගුවට ගැනීමේ සම්බන්ධව දැන ගැනීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලොකු පැටී විසින් මෙම අයවළුන් හට සැගවී සිටින ලෙසට ලබා දුන් උපදෙස් අනුව සැකකරුගේ මවගේ නිවස පිහිටි අංක 177, සමගිපුර, නියන්ගම, ගොඩකවෙල යන ලිපිනයට මොහුගේ අනියම් බිරිද අත්අඩංගුවට ගත් සැකකාරිය සමග පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය.

තවද අත්අඩංගුවට ගත් දෙවන සැකකාරිය වන සාමුගේ වත්ත, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක වස සැකකාරිය මෙම වෙඩි තැබිම සදහා යතුරු පැදිකරු ලෙස කටයුතු කර ඇති පුද්ගලයාගේ සහෝදරිය බවත්, මෙම වෙඩි තැබීම සදහා යතුරුපැදිකරු යොදාගත් දුරකථනය මෙම කාන්තාගේ බවටත් තොරතුරු අනාවරණය විය.
තෙවන සැකකරු වන ඇල්දුව, පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන අය පළමු සැකකරුගේ ඥාතියෙකු වන බවත් මෙම සිදුවිමෙන් අනතුරුව ඔහුගේ අංක ABC -4340 දරණ ත්‍රී රෝද රථයෙන් අංක 177, සමගිපුර, නියන්ගම, ගොඩකවෙල යන ලිපිනයට මෙම පුද්ගලයින් සැගවිම සදහා රැගෙන ගොස් ඇති බවට අනාවරණය විය.
යුධ හමුදා හැදුනුම්පතක් (අංකය 237692),සේවය කල ස්ථානයෙන් බැහැරව සිටිමේ අවසරපත්ක් (අංකය 09),රියදුරු බලපත්‍ර, ATM කාඩ්පත් තුනක්, මුදල් පසුම්බියක්, කළු කැප් එකක්,ටීර්ෂට් එකක්,ත්‍රී රෝද රථයක් (ABC 4340)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments