ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
කොළඹ නගරය තුල මාර් ග නීති උල්ලංඝනය කරන රියැදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක තරක කන සිසිටිවි නිරික්ෂණ ක්‍රමවේදය (22) සක්‍රීයවේ.
ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන සිසිටිවි කැමරා 108කින් නිරික්ෂණයට ලක්වේ.
දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝනය කර හසුවුවහොත් ඊට අදාල දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීම මෙම නව ක්‍රමවේදය යටතේ සිදුවේ.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවට රියැදුරන් කල්තියා දැනුවත් වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන නවයක දැනුවත් කිරීමේ පුවරු සවිකර තිබේ.
නව සිසිටිවි නිරික්ෂණ ක්‍රමවේදයට අනුව දිනකට මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් සියයකට අධික සංඛ්‍යාවක් කොටුකර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.