26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගඅරුණ ජයවර් ධනගේ නවතම සිනමා නිර් මානය ‘‘ 1970 ලව් ස්ටෝරි‘ .....

අරුණ ජයවර් ධනගේ නවතම සිනමා නිර් මානය ‘‘ 1970 ලව් ස්ටෝරි‘ …..

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය ‘‘ 1970 ලව් ස්ටෝරි‘‘ චිත්‍රපටය ලබන (09) තිරගතවේ.

මෙම අධ්‍යක්ෂවරයා මීට පෙර ‘නිකිණිවැස්ස‘ , හැපි බර්ත් ඩේ‘ යන සිනමාපට සහ ඉදිරියේදී ජාත්‍යාන්තර සම්මානවලට පාත්‍රවෙමින් තිබෙන ‘මාරියා‘ සිනමාපටයද අධ්‍යක්ෂණය කර තිබේ.

මෙම සිනමාපටයෙන් කථා සාරංශයවනුයේ 70‘ දශකයේ එක් කාලවකවානුවකදී උඩරට කඳුකරයේ තේවතු ආශ්‍රිත බංගලාවක තරුණ විවාහක යුවලක් තම ව්‍යාපාර කටයුතු කරමින් ආදරණීය පිවිතයක් ගත කරයි. ඔවුන් නමින් ක්ලිෆර්ඩ් දුණුවිල සහ ෂෙරින් දුනුවිල වෙති. රූමත් ෂෙරින් දුණුවිල වෙත රෙජිනෝල්ඩ් දුණුසිංහ නම් තවත් ව්‍යාපාරික පුද්ගලයකුගේ බැල්ම වැටේ. ෂෙරින් ඔහුට කිසිදු මනාපයක් නොදක්වයි. තම උත්සහය අත් නොහරින දුණුසිංහ ක්ලිෆර්ඩ් මරාදමා ෂෙරින්ව ලබාගැනීමට දරණ උත්සහයේදී ෂෙරින් වෙඩි වැදි මියයයි. එහිදි දුණුසිංහ පලා යයි. අනතුරුව ක්ලිෆර්ඩ් විදෙස්ගතවෙයි. එහිදි තම ආදර කතාව පොතක් ලෙස එළිදක්වන්නට කටයුතු කරන ක්ලිෆර්ඩ් එම කතාව ඔහුගේ මිත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ මහෙන්ද්‍ර වෙත ලබාදෙයි. එයින් තිරපිටපතක් සකසන ඔහු එහි රූගත කිරීම් ඇරඹීම සඳහා ෂෙරින් හා ක්ලිෆර්ඩ් ජීවත්වු බංගලාවට තම කණ්ඩාය ම සමග පිටත්ව යති. ෂෙරින්ගේ අවතාරය සැරිසරන එම බංගලාවේදි චිත්‍රපට කණ්ඩායම නොසිතුවිරු සිදුවීම් මාලාවකට මුහුණ දෙයි.

රූපගත කිරීම සිදුවන අතරතුර ක්ලිෆර්ඩ් මෙරටට පැමිණ තම පොත එළි දැක්වීමට කටයුතු කරයි. ක්ලිෆර්ඩ්ගේ පැමිණීම ෂෙරින්ගේ සතුටට හේතුවේ. චිත්‍රපටයේ ෂෙරින්ගේ භූමිකාව රඟන ප්‍රධාන නිළිය හරහා ෂෙරින් ක්ලිෆර්ඩ් වෙත සමීප වේ. වසර ගණනාවකට පසුව මෙම බංගලාවට පැමිණෙන දුණුසිංහට කුමක් වෙයිද? රූගත කිරීම් අවසන් කිරීමට නිෂ්පාදන කණ්ඩායමට හැකිවේද? ආදරයේ අවසන් කැමැත්ත කුමක්ද යනු මෙම සිනමාපටය ලබන (09) පසු නරඹන ඔබට දැනගත හැකිවේ.

මීට රංඟනයෙන් හේමාල් රණසිංහ, සඳුනි ප්‍රනාන්දු, ගම්‍යා විජේදාස, සරත් කොතලාවල,මහේන්ද්‍ර පෙරේරා, දිනෙත්ද සිල්වා, බිමල් ජයකොඩි,අශාන් ඩයස් ඇතුළු නිළුනිළි පිරිසක් එක්වෙති.

මෙහි තිර රචනය අරුණ ජයවර්ධන විසින්ම සිදුකරන අතර නිෂ්පාදනය සමන් එදිරිසිංහ, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර , වර් ණ සංයෝජනය අසංක වික්‍රමසිරි, කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න, සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල,සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, ගීපද රචනය පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි,ශෙහාන් ගලහිටියාව. සුරෙන්ද්‍ර පෙරේරා, පුෂ්පික සුලක්ෂාන්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments