29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනවීන ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන යාල රක්ෂිතයේ ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා අක්කර...

නවීන ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන යාල රක්ෂිතයේ ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා අක්කර පහමාරක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් බුත්තල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජනිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආර්.යු. සේනදාස ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) සිට (28 ) දක්වා කතරගම පොලිස් වසමේ යාල රක්ෂිතයේ 03 වන කලාපයේ දී වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ මෙහෙයුමි සිදුකර ඇත.

එහි දී පිටතට නොපෙනෙන ලෙස ස්වභාවික වනයෙන් ආවරණය කර ඉතා සූක්ෂම ලෙස අක්කර 01 ක පමණ භුමි ප්‍රමාණයක වගාකර තිබු ගංජා ගස් 155,000 ක්, අක්කර 02 ක පමණ භුමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා ගස් 283,550 ක්, අක්කර 02 ක පමණ භුමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා ගස් 275,200 ක් හා අක්කර ½ ක පමණ භුමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා ගස් 112,300 ක් සහිත ගංජා වගාවන් හතරක් ඩ්‍රෝන යානා ආධරයෙන් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 40 ක් කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments