25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමාඑලිය රක්ෂිතය තුල මැණික් ගැරීමේ ජාවාරමක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මාඑලිය රක්ෂිතය තුල මැණික් ගැරීමේ ජාවාරමක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

දීර් ඝ කාලයක සිට අනවසරයෙන් මාඑලිය රක්ෂිතය තුල ඇතුළු වී මැණික් ගරමින් සිටි පුද්ගලයින් 04 දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩි.එම්.එන්. කැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) බගවන්තලාව පොලිස් වසමේ මාඑලිය රක්ෂිතය තුල දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් අනවසරයෙන් මාඑලිය රක්ෂිතය තුලට ඇතුළු වී ස්වාභාවික රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩිලෙස හානි සිදුකරමින් බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙදෙනෙකු මැණික් ගැරීමට භාවිතා කරන උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments