22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police news" පොදු ප්‍රවාහනේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවනවා. "මහජන ආරක්ෂක...

” පොදු ප්‍රවාහනේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවනවා. “මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.


අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රජාව පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති වැඩමුළුවකට එක් වෙමින්ය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ග රැසකින් කාන්තාවන් සහ දරුවන් හිංසනයට පීඩාවට සහ අතවරයට පත්වීම වත්මන් සමාජයේ විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසුගිය වසර තුළ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනවා. ඒ සියලු කරුණු පිළිබඳව සලකා බලමින් අප පසුගියදා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බොහෝ දෙනකු ඒ පිළිබඳවද විවිධ විවේචන සිදු කරමින් සිටිනවා. නමුත් දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට 109 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. එහි පැමිණිලි භාර ගැනීම භාරව කටයුතු කරන්නේද කාන්තා පොලිස් නිලධාරිනියන් පමණයි. එවැනි පැමිණිලි සම්බන්ධව පැය 48 ක් ඇතුළත සම්පූර්ණ විමර්ශන සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
වර්තමානය වන විට කාන්තාවකට නිදහසේ බස්රියක ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. විවිධ ආකාරයේ හිංසනයන්ට ඔවුන් ගොදුරු වනවා. මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මේ වන විට බුද්ධි අංශ යොදවා ඒ පිලිබඳ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් එලෙස හිංසනයට ලක් කරන ඕනෑම අයෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන මාර්ග භාවිතයේදී මෙන්ම, ප්‍රසිද්ධ ස්ථානවලදී පවා විවිධ ආකාරයේ හිංසනයන්ට, උසුළු විසුලු කිරීම් වලට කාන්තාවන් භාජනය වීම වැළැක්වීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කරන ලෙස මා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් වැළැක්වීම සඳහා මහජනතාවගේ සහය ද අපට අවශ්‍යයි. තම පවුල්වල කාන්තාවන්, දරුවන්, සහෝදරියන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් ඒ සහයෝගය ලබාදීමට ජනතාව අප සමග එක්වනු ඇති බවට මා විශ්වාස කරනවා.”
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments