හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) 8වැනි දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
එහිදී කොමිසම යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ, දෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය කලු පැල්ලමක් වූ නිසා තමා සහ හිටපු පොලිස්පතිවරයාව දේශපාලන බිලිදීමකට ලක්කළ බවය.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ජාතික බුද්ධි ප්‍රධානී තනතුර හෑල්ලුවට ලක්වූ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද (03) දිනයේද සිදුකෙරේ.