වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා කොරියානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනි මියොන් ලී (Ms. Miyon Lee) මහත්මිය අතර හමුවක් (31) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී ද්වීපාර්ශවීය වෙළෙඳාම දිරිමත් කිරීම වෙනුවෙන් මෙරටින් අපනයනය කෙරෙන කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන, චාකෝල්(අඟුරු), රබර් හා කුළුබඩු ඇතුළු නිෂ්පාදන අපනයනයන් ඉහළ නැංවීම පිළිබඳ සදහා සාකච්ඡා කෙරුණු අතර කොරියානු විදේශ ආයෝජන මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
මැණික් හා ස්වර්ණාභරණ සදහා කොරියානු සෘජු ගැණුම්කරුවන් සදහා ප්‍රවේශ වීමට ඇති අවස්ථාවන්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, මෙරටින් කොරියාව වෙත ගුවන්ගමන් සදහා විභවතාවය, සුළං බලය ඇතුළු තිරසාර බලශක්ති භාවිතය සම්බන්ධ ආයෝජනයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ඒ කරුණු සම්බන්ධයෙන් ඊට අදාළ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරනු ඇත.
මේ වන විට කොරියානු රජය සමග පවතින වෙළෙඳ ගිවිසුම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, මෙරට ආයෝජන වෙනුවෙන් කොරියානු දූත පිරිස් වෙත ශ්‍රී ලංකාවේ දූත සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කරන ලදී.
මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා , වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේඛා මල්ලවාරච්චි මහත්මිය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
