24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සජබයට එල්ල කළ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව - පාර් ලිමේන්තු...

සජබයට එල්ල කළ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව – පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න

‘ජනවාරි 30 කොළඹට ආවේ අවුරුදු 26 ක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටිකාපු මිනිස්සු‘‘ – රෝහිණි කවිරත්න

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් , ජනාධිපතිවරයෙක් , පොලිස් ඇමැතිවරයෙක් , නොදැක්ක බවත් එම නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය දැඩිලෙස හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

සාමකාමී උද්ඝෝෂණ සිදුකිරිමට , අදහස් ප්‍රකාශ කිරිමට ව්‍යවස්ථාවෙන් ජනතාවට අයිතියක් තිබෙන බවත් නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණක් බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ආණ්ඩුවට විරුද්ධ විරෝධතා ව්‍යාපාර රට පුරා පවත්වන බවත් ආණ්ඩුව පලන්නා දමනකන් ජනතාව සමඟ එකතුවී ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය දිගින් දිගටම සිදුකරගෙන යන බවත් රෝහිණි කවිරත්න මහත්මිය හෙතෙම කීය.

අද (01) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් රෝහිණි කවිරත්න මහත්මිය මේ බව පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට එස් එම් මරික්කාර් මහතා සහ සුජීව සේනසිංහ මහතා ද එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘අවුරුදු 26 ක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටිකාපු මිනිස්සු තමයි ජනවාරි 30 කොළඹට ආවේ. ඒ ආපු ජනතාවට රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිස් හමුදාව යොදවලා ප්‍රහාරයක් එල්ල කළ. එය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඓතිහාසික දිනයක්.

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ. දරුවන්ට පහර දුන්න පොලිස් ඇමැතිකෙනෙක් දැක්කේ නෑ. . ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ. මහජන පුස්තකාලයට චෙස් තරඟ සඳහා ලමුන් විශාල ප්‍රමානයක් ඇවිත් සිටියා. ඒ දරුවන්ටත් පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

රටේ දරුවන්ගේ අධ්‍යාපනයට මේ ආණ්ඩුව පහර දිලා ඉවරයි. දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. රටේ දරුවන්ට කදුළු ගෑස් විතරයි ගහන් බැරි වුණේ. ඒකත් වර්තමාන ආණ්ඩුව සිදුකළා. මේ නින්දිත ක්‍රියාව සමගි ජන බලවේගය හෙළා දකිනවා.

උද්ඝෝෂණය කරන්න , අදහස් ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන්ම ජනතාවට අයිතියක් තිබෙනවා. නමුත් වර්තමාන රජය සිදුකරන්නේ ජනතාව මර්දනය කිරිම පමණයි.

ආණ්ඩුවේ තිබෙන වැරදිවලට එරෙහිව පාර බහින්නේ සමගි ජන බලවේගය විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඇයි පාරට බහින්නේ නැත්තේ. ඔවුන් ආණ්ඩුව සමඟ ඩීල් දේශපාලනයක නිරත වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කඳුලු ගැස් , ජල ප්‍රහාර එල්ල කරන්නේ සමගි ජනබලවේගයට විතරයි. රතු අලි පැටවුන්ට ගහන්නේ නෑ. ඒ නිසා සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන සිදුකරන මර්දනය හෙළා දකිනවා.

රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න , කාන්තාවන්ගේ ප්‍රශ්න , සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න තිබෙනවා ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදීත් කතා කරන්නේ නෑ. ජනතාව දන්නවා ඩිල් දේශපාලනයේ නිරත වෙන්නේ කවුද කියලා. ඔවුන්ට ජනතාව නිසි පිළිතුර මැතිවරණයේදී ලබාදෙයි.

ඖෂධ වංචාව සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරින් අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවය පළ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජය කරන්නේ හොරු රකින එක. හොරු රැකිම තුළ තමයි ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ. හොරුන්ගේ අත්තිවාරමක් තුළ ගොඩනැගුණ ආණ්ඩුවක් තමයි තිබෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා……..‘‘ත්‍රස්ත විරෝධි පනත , ඔන්ලයින් පනත යන පනත් හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනිමට විරුද්ධව පෙළ ගැසෙන්නට ජනතාවට අයිතියක් තිබෙනවා. රටේ ප්‍රධාන විපක්ෂයට විදිහට වගකීමක් තිබෙනවා. ජනතා ද්‍රෝහි දේවල් ආණ්ඩුව සිදුකරද්දි ඊට විරුද්ධව නායකත්වය ලබාදෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව පෙළ ගස්වන්න ආණ්ඩු වලට විරුද්ධව ජනතාව ඒකරාශී කරන්න පුරුදු කළේ රනිල් වික්‍රමසිංහ.

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයට විරුද්ධව කුරුදුවත්ත පොලිසිය වාරණයක් ලබාගැනිමට ගියත් අධිකරණය විසින් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම අධිකරණ නියෝග ලබාදුන්න ප්‍රදේශවලට සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් ගමන් කළේ නෑ.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් පාරට බහින්න බැරි මර්දනකාරී තත්ත්වයක් නම් රට තුළ තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නැති බව ජාත්‍යන්තරය ද පිළිගනියි. එයින් වන හානියට සමගි ජන බලවේගයට දෝෂාරෝපණය ඉදිරපත් කරලා වැඩක් නෑ.

සමගි ජන බලවේග විරෝධතාවයට වගේම මහජන පුස්තකාලය තුළට සහ විහාරමහා දේවි උද්‍යානය තුළටත් කඳුලු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කරලා තිබුණා. එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ අමානුෂිකත්වය සහ කූරත්වය. කදුළු ගෑස් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මහජන පුස්තකාලය තුළ සිටි පාසල් දරුවන්ද දැඩි අපහසුතාවයකට පත්වුණා.

සමගි ජන බලවේග විරෝධතාවය නවත්වන්න අධිකරණයෙන් නියෝගයක් අරගෙන තිබෙනවානම් ඒ නියෝගය පොලිසිය විසින් පෙන්වන්න ඕන. කරුණාකරලා විසිර යන්න කියලා පොලිසිය ඒ වෙලාවේ දැනුම් දෙන්න ඕන.

මෙතෙක් කල් පොලිසිය කදුළු ගෑස් ගැහුවේ පළමු පොලිස් මාර්ග බාධකයේදී නෙවෙයි කදුලු ගෑස් ගැහුවේ දෙවැනි පොලිස් මාර්ග බාධකයේදී. එසේ නොකර පොලිසියේ විශාල පිරිසක් ගෙනල්ලා , කැරලි මර්දන නිලධාරින් ගෙනල්ලා ඔවුන් පහරදුන්නේ නිරායුධ ජනතාවට.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments